Microsoft විසින් Github මිලට ගත්බව නිලවශයෙන් දැනුම් දෙයි.

Microsoft විසින් Github මිලට ගත්බව නිලවශයෙන් දැනුම් දෙයි.

1964
0
SHARE

තොරතුරු තාක්ෂණ ලෝකයේ මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක්වුන දේ තමයි Microsoft විසින් GitHub මිලට ගන්න සූදානම් බවට පැතිරුණ ආරංචිය. මෙහි ඇත්ත නැත්ත මේ මොහොත වන විට අපට තහවුරු කරගන්න හැකි වෙලා තියෙනවා. ඒ ජූනි 4 වෙනිදා Microsoft හි CEO, Satya Nadella; Microsoft ආයතනය විසින් GitHub මිලට ගැනීමේ ගිවිසුම සත්‍ය බවට නිල ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙනුයි. ඒ ඩොලර් බිලියන 7.5 ක් පමණ වටිනාකමකට. එම ප්‍රකාශයේ ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම නව ගිවිසුමත් සමඟ ඔවුන්ට ලැබෙන ඉහළ වගකීම ඔවුන් හොඳින් හඳුනාගෙන ඇති බවත්, දැනට ලෝකයේ පවතින අභියෝග වලට අවශ්‍ය නව විසඳුම් සොයන්න developersලා හට අවශ්‍ය සහයෝගය ඉදිරියේදිත් ලබා දීමට ඔවුන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

GitHub කියන්නේ මේ වන විට ලෝකයේ තිබෙන ලොකුම source-code repository එක. GitHub හි හිටපු CEO, Chris Wanstrath ඉල්ලා අස්වීමත් එක්ක පසුගිය මාස 10 ක කාලයක ඉඳන් ඔවුන් එම තනතුරට සුදුසු නව CEO කෙනෙක් සොයමිනුයි සිටියේ. මුලින් මේ තනතුර සඳහායි Microsoft තරඟ වදින බවට තොරතුරු ලැබුණේ. ඒ වගේම GitHub හි හිටපු CEO, Chris Wanstrath පවසන්නේ ඔවුන් විසින් පසුගිය දශකය තුළ ලබාගෙන තිබෙන ජයග්‍රහණ පිළිබඳව ඔවුන් ඉතා ආඩම්බර වන බවත්, software development හි දීප්තිමත් අනාගතය යථාර්ථයක් බවට පත් කරන්න Microsoft සමඟ අත්වැල් බැඳගන්නට ලැබීම පිළිබඳව තමා ඉතා සතුටට පත් වන බවත්ය.

අතීතයේ ඉඳන්ම Microsoft ආයතනය open-source project වලට විශාල වශයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ developer tools හා framework සමහරක් open-source ඒවා. මේ සියලු හේතූන් සමඟම GitHub සමඟ එකතු වීම මඟින් ඉදිරියේ දී ඔවුන්ට ලබාගත හැකි පැහදිලි opportunities 3ක් ගැන ඔවුන් නිල ප්‍රකාශයේ සඳහන් කරලා තියෙනවා.

පළමුවෙන් ඔවුන් development life cycle එකේ සියලුම stages, එනම් ideation සිට collaboration දක්වාත්, deployment සිට cloud දක්වාත් සියලුම developersලාව empower කිරීමට සූදානම්. GitHub තවදුරටත් open platform එකක් විදියටම තිබෙන අතර ඕනෑම developer කෙනෙකුට ඔවුන්ගේ projects වලට අවශ්‍ය programming languages, tools හා operating systems භාවිතා කිරීමට හැකියාව ලබා දෙනවා. මේ සියල්ල සමඟම ඔවුන්ට ඕනෑම cloud හෝ ඕනෑම device එකකට ඔවුන්ගේ codes deploy කිරීමට හැකිවේවි. දෙවනුව, Microsoft හි direct sales, partner channels හා Microsoft’s global cloud infrastructure and services වලට තිබෙන access භාවිතයෙන් enterprise developers ලා අතර GitHub භාවිතය වේගවත් කිරීමේ අවස්ථාවක් ඇති බව ඔවුන් විශ්වාස කරනවා. අවසාන වශයෙන් Microsoft හි developer tools හා services අලුත්ම audience එකකට හඳුන්වා දීමට හැකිවේවි යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ වසර අවසානයේ මෙම මිලදීගැනීම අවසන් වීමත් සමඟම GitHub හි CEO ලෙස, Xamarin හි founder,CEO Nat Friedman කටයුතු කරනු ඇති අතර ඔහු විසින් GitHub හා සම්බන්ධව වන වාර්තා Microsoft Cloud + AI Group හි Executive Vice President වන Scott Guthrie ට දිගටම සැපයීම සිදු වේවි. ඒ වගේම GitHub හි හිටපු CEO හා Co-Founder වන Chris Wanstrath, Microsoft සමඟ දිගටම කටයුතු කරනු ඇති බවත් සඳහන්.

Chris Wanstrath (left), Github CEO and co-founder; Satya Nadella, Microsoft CEO; Nat Friedman, Microsoft corporate vice president, Developer Services.

Source:https://news.microsoft.com/2018/06/04/microsoft-to-acquire-github-for-7-5-billion/

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY