සමීක්‍ෂණ වාර්තා අනුව බිලියන 1.2ක පිරිසක් මේ වනවිටත් Microsoft Office භාවිතා කරන...

සමීක්‍ෂණ වාර්තා අනුව බිලියන 1.2ක පිරිසක් මේ වනවිටත් Microsoft Office භාවිතා කරන බව තහවුරු වෙයි

2023
0
SHARE

Build 2016 සංවර්ධක සමුළුවේ දෙවන දිනය තුළ Microsoft office භාවිතා කරන්නන්ගේ සංක්‍යාලේකන Microsoft ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එහිදී ප්‍රකාශ කල පරිදි Microsoft office යනු ඉතා සාර්ථක ලෙස පසුගිය දශක කීපය පුරා ප්‍රචලිත වූ මෘදුකාංගයක් බවට තහවුරු වුනා. යම් යම් අවස්ථවන්හිදී රාජ්‍ය බලපෑම් මත රටවල් තුල Microsoft office මෘදුකාංගය ප්‍රචලිත වීම අඩු වුවත් ඒ හැරෙන්නට අන් කිසිදු සිදුවීමක් මේ දක්වා office ප්‍රචලිත වීමට බලපෑම් කිරීමට සමත්ව නැහැ. Microsoft සමාගම විසින් අනාවරණය කලේ ඇමරිකාවේ ඇති ප්‍රබලම ආයතන 500න්, 85% ක්ම තම Cloud සේවාව භාවිතා කරන බවයි.

පෙර අවස්ථාවක අනාවරණය වූ පරිදි office මෘදුකාංගය ලොව පුරා බිලියන 1.2ක පිරිසක් ඔවුන්ගේ පරිගණක තුල, Android, iOS සහ windows දුරකථන තුලද භාවිතා කරනු ලබනවා. පසුගිය මාස 6ක කාලයක් තුල මිලියන 100ක පමණ පිරිසක් Office Mobile මෘදුකාංගය බාගත කරගෙන තිබුනා. භාගත කරගත් මුළු පිරිස මිලියන 340කට අධිකයි.

Office 365ද බහුලව භාවිතා කරනු ලබන අතර මේ වන විට මෙම සේවාව භාවිතා කර email ටි්රලියන 4ක් සකස් කළ බවයි දැන ගන්නට ලැබුනේ. Cloud සේවා මත පදනම් වූ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර මිලියන 50කට අධික ප්‍රමාණයක් මේ වනවිටත් ඒ සදහා එකතු වෙමින් පවතිනවා.

 

උපුටා ගැනිම: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY