අනෙකුත් Windows 10 Mobile දුරකතන සඳහාත් continuum විශේෂාංගය

අනෙකුත් Windows 10 Mobile දුරකතන සඳහාත් continuum විශේෂාංගය

2446
1
SHARE

Microsoft සමාඟම විසින් Windows 10 Mobile සමඟ හදුන්වාදුන් continuum විශේෂාංගය දැනට ලබාදී ඇත්තේ Lumia 950, Lumia 950 XL හා Acer Jade Primo යන Smart phones සඳහා පමණි. නමුත් දැනට ලැබී ඇති ආරංචි මාර්ග අනුව continuum feature එක අනාගතයේදී අනෙකුත් Smart දුරකතන සඳහාද ලබාදීමට කටයුතු කරන බවට Microsoft සමාඟම පවසා ඇත.
WMPowerUser වෙබ් අඩවියට අනුව මේ ආරංචිය ලැබී ඇත්තේ පසුගිය දින ඉන්දියාවේ පැවති Lumia දුරකතන නිකුත් කිරීමේ උත්සවයේ අවසානයේ පැවැති ප්‍රශ්න (Q&A) වටයේදීය.කෙසේවෙතත් ලැබී ඇති පිලිතුරෙහි continuum විශෙෂාංගය අනෙකුත් දුරකතන සඳහා නිකුත් කරන දිනය හෝ මේ විශේෂාංගය ලැබෙන දුරකතන මොනවාද යන්න පිළිබඳ සඳහන් වී නොමැත.


අප අනුමාන කරනු ලබන අන්දමට මෙම විශේෂාංගය මෑත කාලයේදී නිකුත් වූ Lumia 930 , Lumia 830,Lumia 730, Lumia 735, Lumia 640 , Lumia 640 XL දුරකතන  වෙත ලැබෙනු ඇති අතර මෙම විශෙෂාංගය භාවිතයටනම් ඉතා හොද දෘඩාංග (processor එක හා RAM එක) තිබිය යුතුය.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY