Microsoft , Sony අත් වැල් බැඳගනී ..!

Microsoft , Sony අත් වැල් බැඳගනී ..!

1940
0
SHARE

අපි කරන ඕනෑ ම වැඩක සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ සඳහා අපි ගන්න critical decisions මත. Business වලදි ඒවාට කියන්නේ ‘strategic decisions’ කියල.  Microsoft සහ Sonyත් ඒ වගේ තීරණාත්මක සම්බන්ධයක් පටන් අරගන්න තීරණය කරලා. ඇත්තටම එක Strategic Partnership එකක්.

ඉතා හොඳ තරඟකරුවන් දෙන්නෙක් මේ වගේ partnership ගිවිසුමක් sign කරපු එක ගොඩක් අයට හරි පුදුමයි. නමුත්, මේකේ ඇත්ත තත්වය තමයි ,”සතුරාගේත් සතුරා මාගේ මිතුරාය ” කියන concept එක. ඒ කියන්නේ Google සමඟ තිබෙන තරඟයට හොඳින් මුහුණ දීමට තමයි මෙලෙස Microsoft සහ Sony එක වී තිබෙන්නේ. මොකද, මේ වසර මුලදී එළිදැක්වුණු Google Stadia Game streaming service එක Microsoft සහ Sony සමාගම් දෙකටම threat එකක්.!

Microsoft CEO Satya Nadella Sony සහ Sony CEO Knichiro Yoshida පසුගියදා ඔවුන්ගේ partnership එක ගැනත් එකට එක වී සිදු කිරීමට නියමිත ඉදිරි සැලසුම් ගැනත් අනාවරණය කළා.

මෙම partnership එකේ පදනම ලෙස සැලකෙන්නේ Microsoft Azure Cloud Technology එක. Azure Cloud Technology එකෙන් දැන් Web Appications ගණනාවක්ම සහ Streaming services බල ගැන්වෙනවා.

දෙපාර්ශවය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව මෙම සමාගම් දෙක ඉදිරියේදී Microsoft Azure හි Cloud Solutions  ඒකාබද්ධව develop කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එමඟින් Game & Content-Streaming services  වලට හොඳ support එකක් ලබාගැනීමත් අරමුණු වෙනවා.

මීට අමතරව Sony සමාගමේ Game & Content-Streaming services සඳහා Microsoft Azure හි data center-based  solutions  භාවිතා කිරීමටද නියමිතයි.

Cloud gaming සහ Content-Streaming partnership වලට අමතරව Microsoft සහ Sony සමාගම් දෙක , Semi conductors සහ AI සම්බන්ධයෙන්ද එක් ව කටයුතු කිරීමට සුදානම්.

මෙලෙස ,Microsoft සහ Sony ශක්තිමත් ලෙස ඇත වැල් බැඳගෙන අති නවීන තාක්ෂණය උද්දීපනය කිරීමෙන් සමාජය සඳහා නව වටිනාකම් ඇති කරාවි යැයි සැවොම බලාපොරෝත්තු වෙනවා.

Source: https://www.techradar.com/news/microsoft-and-sony-to-collaborate-on-game-streaming-technology-together

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY