Andromeda වෙනුවෙන් Microsoft Store හි අත්හදා බැලීම් ඉදිරියටත්

Andromeda වෙනුවෙන් Microsoft Store හි අත්හදා බැලීම් ඉදිරියටත්

2180
0
SHARE

දැන් ටික කාලෙක ඉදල ඇන්ඩ්‍රොමීඩා ලෙස හැදින් වුනු යමක් ගැන ක්ෂේත්‍රය පුරා රාවයක් පැතිරුණා. ඇත්තටම මොකක්ද මේ ඇන්ඩ්‍රොමීඩා? ඇන්ඩ්‍රොමීඩා කියන්නෙ ඇත්තටම මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නේ OS එකක්. Windows Central වෙබ් අඩවියට අනුව Andromeda OS එක වෙනුවෙන් හදපු apps දැනටමත් Microsoft Store තුල අත් හදා බැලෙනවා. මෙය Microsoft store තුල තියන available on අංශය යටතේ PC, Mobile, HoloLens ආදිය සමගින් ‘8828080’ යන කේත අංකයෙන් දිස් වෙනවා. ‘8828080’ කියන්නෙ කවුරුත් දන්න පරිදි Microsoft ආයතනයේ දුරකථන අංකයයි[(425)8828080]. Andromeda OS කියන්නෙ windows 10 තවදුරටත් modular කිරීමේ අරමුණින් නිර්මාණය වූවක්. ඒ මගින් විවිධ devices සදහා පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව, අත්‍යාවශ්‍ය components පමණක් install කිරීම තුලින් පහසු කරවා තිබෙනවා. CShell ලෙස හැදින්වෙන shell එක මගින් විව්ධ screen sizes සහ shapes සදහා ක්‍රියා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
සමහරවිට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපි මේ කතා කරන්නෙ andromeda ලෙස හැදින්වුණ device එක ගැනද කියල. ඇත්තටම අපි කතා කරන්නෙ ඒ surface phone එක ගැන නම් නෙවෙයි. ආරංචි වලට අනුව නම් මෙය andromeda os එක run වෙන හැකිලිය හැකි  screen දෙකක් සහිත tablet එකක්.  වාර්තා වලට අනුව නම් apps රාශියක් platform 8828080 සදහා නිකුත් වීමට නියමිතයි. හැම දෙයකින්ම හැගී යන්නෙ නම් ලගදීම මෙම ව්‍යාපෘතියත් එළි දැක්වෙනු ඇති බවයි. අපි බලන් ඉමු තවත් මොනවගේ අළුත් දේවල්ද අපිට andromeda os ගැන ඉස්සරහට අහන්න ලැබෙන්නෙ කියල.

Source : https://www.neowin.net/news/microsoft-is-starting-to-test-andromeda-apps-in-the-store

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY