අපේ කාලයට උචිත ‌Microsoft Teams ගැන කථා කරමු

අපේ කාලයට උචිත ‌Microsoft Teams ගැන කථා කරමු

3316
0
SHARE

සියලුදෙනාම හොඳින් ඉන්නවා කියලා සිතනවා. හැමෝම නිවසට වෙලා ගතකරන මේ කාලයේ හැමදෙනාම තමන්ගේ අධ්‍යාපන කටයුතු වගේම රාජකාරි කටයුතු වලටත් අනිවාර්යයෙන්ම වෙනත් විකල්ප වලට යොමු වෙනවා වෙන්න පුළුවන් මේ කාලයේදී.

ඔබ යොමුවුණ විකල්ප මාධ්‍ය ගැන ඔබ සතුටුද ? ඇත්තටම එකෙන් ඔබට අවශ්‍ය කරුණු ඉටුවෙනවද? පිරිස සීමා කරලද? සෑහෙන data ප්‍රමාණයක් යනවද ? ඔබ කතා කරන දේවල් ඇහෙන්නේ පරක්කු වෙලාද ? පසුගිය කාලයේදී work from home පිරිසගෙන් අහන්නට ලැබුන දේවල් එක්ක මම හිතුවේ අපි හැමෝටම ගැලපෙන විදිහේ විසදුමක් ගැන සටහනක් තියන්න හිතුවා.

Microsoft Teams කියන්නේ මේ වගේම online conferences වලට අපි පාවිච්චි කරන විදිහේ විසදුමක්. මුලින්ම පැහැදිලි කරන්නම් මේ Microsoft Teams විසින් මේ Covid 19 වසංගත තත්වය එක්කම අලුත් අවස්ථා රාශියක් ලබාදීලා තිබෙනවා

කලින් Office 365 පැකේජය එක්ක අපි වෙත ආපු teams ඔබට දැන් මාස 6ක කාලයක් සඳහා නොමිලේ භාවිත  කරන්න අවස්ථාව ලබා දීලයි තියෙන්නේ. දැනට අපිට Microsoft Teams පාවිච්චි කරලා විසදුම් ලබාගන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.

පලවෙනි එක නිවසේ සිට රජකාරී කිරීම නැත්නම් work from home. අනික් ප්‍රධාන කරුණ වෙන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රම එහෙමත් නැත්නම් distance learning.

Person wearing glasses using a laptop

Microsoft Teams නිවසේ සිට රාජකාරි වලට භාවිත කරන විදිහ

මුලින්ම පැහැදිලි කරන්නම් work from home වලට මේ Microsoft Teams පාවිච්චි කරන්න විදිහ.

  • Blur Your Background – නිවසක සිට ඔබේ සේවාදායකයන්ට ගන්නා ඇමතුම, ඔබට වටිනවා වගේම ඔබේ කුඩා දරුවන්ට ඔබ වටේ සිටින කාලය වටිනවා. මේ නිසා අනිවාර්යෙන්ම ඔවුන් ඔබ වැඩ කරන වෙලාවේදී ඔවුන් ඔබ අසලින් රැදෙන්න පුළුවන්. මේ විදිහට පොඩි කෙනෙක් ඔබ ලග ඉන්නවා කියන්නේ එය ඔබේ දුරකථන ඇමතුමේ ඉන්න පිරිසට පවා එය බාධාවක්. මේ නිසාවෙන්ම තමයි ඔබ වටා තිබෙන පරිසරය ඔබට බාධාවක් නොවෙන්න Teams විසින් Background blur option එක ලබාදීලා තිබෙන්නේ.
  • Make your own timetable – work from home සිටින ඔබට කාලය කියන්නේ ‌බොහොම වටිනා කාලසීමාවක්. ඉතින් ‌මේ කාලය අනිවාර්යයෙන්ම නිවැසියන් එක්ක ඉන්නත් ඔබ කාලය අයින් කරගන්න අවශ්‍යයි. ඔබ එක්ක වැඩ කරන ඔබේ සගයන්ට සහ ඔබේ සහයකයන්ට ඔබත් සමග රාජකාරි වැඩ වලට කාලයක් ‌වෙන් කරගන්න Microsoft Teams භාවිත කරන්න පුළුවන්.
  • Give chance to others to express their ideas – රාජකාරි ස්ථානයේදිනම් ඔබ සමග meeting එකකට සහභාගි වන සගයන් ඔවුන්ට ගැටලුවක් පැමිණි විටක අත ඔසවලා හරි ඔවුන්ගෛ් අදහස් ප්‍රකාශ කරාවි. නමුත් නිවසේ සිට කථා කරන සෑම විටම මද විරාමයක් තබන්න. එවිට ඔවුන් අදහස් දැක්වීමකට ‌‌යොමුවේවි.

Person seated and looking at a Microsoft Surface in laptop mode

  • Remove the isolating from meeting – නිවසේ සිට ගන්නා කාර්යාලයීය සංවාද කම්මැලි සහගත ‌වෙන්න පුළුවන්. එකම වටපිටාවක බිත්ති හතරකට ‌කොටු ‌වෙලා කාලය ගතවෙද්දී කම්මැලිකමට brainstorming session එකකට Microsoft Whiteboard app එක භාවිතා කරලා අදහස් ලිිිියන්න ‌පාවිච්චිි කරන්න පුුුුළුවන්.
  • Teams in 30 – ඔබ හිතනවානම් Microsoft Teams ඔබෙ ආයතනයට ගැලපෙනවා කියලා ඔබට පුලුවන් Teams professional ‌කෙනෙක් හරහා වැඩමුළුවක් පවත්වාගන්න. ‌ෙමේ ලින්කුවෙන් වැඩි විස්තර ගන්න පුළුවන්.

Distance Learning එහෙමත් නැත්නම් දුරස්ථ අධ්‍යාපන ක්‍රම ගැන කතා කලොත් ලංකාවේ අපි හුඟක් වෙලාවට LMS, එහෙමත් නැත්නම් Learning Management System වලට හුරුවෙලා තිබෙනවා. නමුත් online lecture එකක් තියන්න අපිට ගන්න නිවැරදි tool එකක් තියෙනවද? අපි රාජකාරි කටයුතු වලට පාවිච්චි කරන tool එකක් පාවිච්චි කරන වෙලාවට ඒක කොතරම් දුරකට අධ්‍යාපනයට උචිතද කියන කරුණු මුලිකවම බලන්නට අවශ්‍යයි.

Microsoft Teams අධ්‍යාපනයට භාවිත කරන විදිහ

Distance Learning වලට Microsoft Teams ගැලපෙන්නේ ඇයි ? Teams ආවේ Office365  නේද? ඉතින් Teams පාවිච්චි කරන ළමයින්ටත් සල්ලි ගෙවලා Teams ගන්න වේවි නේද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් එක පාරට ඕනෙම කෙනෙක්ට එන්න පුළුවන්.

Microsoft Teams හරහා ඔබට පහසුවෙන්ම Virtual Classroom එකක අත්දැකීම ඔබට ලඟා කරගන්න පුළුවන්.

A student seated at a desk, using a laptop.

  • Build Conversations  – ඔබට පුළුවන් Teams හරහා ඔබේ සිසුන් සියලු දෙනාම පහසුවෙන් සම්බන්ධ කරගන්න, ඔවුන්ගේ ගැටළු වලට ඉතා හොඳින් පිළිතුරු සපයන්න වගේම ඔබ සිටින තැන සිට video conversation එකට join වෙන්න අමාරුනම් chat conversation එකකින් සම්බන්ධ වෙන්නත් ඔබට පුළුවන්. කතා කරන්න විතරක්ම නෙමෙයි. ඔබට අවශ්‍ය files, projects වගේ ඕනෑම දෙයක් share කරගන්න පවා මෙය වැදගත් වෙනවා.
  • 1:1 Meetings – Online meetings කියන්නේ මුළු පන්තියේම ළමයි ඔබේ පාඩම අහගෙන ඉන්නවට වඩා වැදගත් දෙයක්. මේකෙන් කියවෙන්නේ අපි සාමාන්‍ය පන්ති කාමරයක සිට සම්බන්ධ වෙන ඕනෑම කණ්ඩායම් ක්‍රියාකාරකමක් මේ හරහා කරන්න හැකි වෙනවා.  කුඩා කණ්ඩායම් විදිහට පැවරුම් කිරීම නැත්නම් assignments කිරීම වගේම 1:1 meetings පවා මේ හරහා තියන්න පුළුවන්.
  • Assignments  – online learning වලදී දරුවෙක් පාඩමක් අහගෙන ඉන්නත් පුළුවන් lecture එක open කරලා ඔහු වෙන වැඩක නිරත වෙන්නත් පුළුවන්. එකයි අපි මේ යොදන assignment සැලකිය යුතු ප්‍රමාණයකින් වැදගත් වෙන්නේ. අපි දෙන පැවරුම් අහගන්න අපි කලින් වගේ පන්ති කාමරයට නිතර පැමිණෙන්නේ නැහැ, අපි සම්බන්ධ වන්නේ දුරස්ථව. මේ නිසා අපෙන් දරුවෙකුට ලැබෙන අවධානය අපෙන් ගිලිහෙන්න පුළුවන්. මේක නිසා නිවැරදි මගපෙන්විමකට සහ ඔවුන්ගේ ප්‍රතිචාර ලබාගන්න මේ Microsoft Teams හොඳ විසදුමක් වේවි.

Office365 for Education

මීළඟට ඔබට තිබෙන මිලේ ප්‍රශ්නය ගැන කතා කරන්නම්. Office365 package එකට ඔබ distance learning එහෙමත් නැත්නම් අධ්යපනික කටයුතු වලට යොදාගන්නවානම් අපි ඒක දක්වන්නේ Office365 for education category එක යටතේ. මේ Education category එකේදී ඔබේ ගිණුම Office 365 A1, Office 365 A3 සහ Office 365 A5 විදිහට කොටස් තුනකට බෙදන්න පුළුවන්. මුලින්ම මම කියපු Office 365 A1 කියන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබට ලැබෙන සේවාවක්. Office 365 A3 වලදී $2.50 ක මාසික අය කිරීමක් වෙන්න පුළුවන් වගේම Office 365 A5 වලදී $6.00 ක මාසික අය කිරීමක් කරනවා.

Classroom Experiences, Content and Collaboration, Security and compliance, Administration සහ Support කියන features සියල්ලම Office 365 A1 සමඟ ඔබට නොමිලේ සම්පුර්ණයෙන්ම හිමි වෙනවා. ඒ වගේම Online Meetings සේවාව සහ Productivity apps and services සේවාව මේ A 1 එක්ක ඔබට හිමි වෙන්නේ යම් සිමා සහිත ධාරිතාවයක් වෙනකන් විතරයි. A 3 සේවාව ගත්තම මම මුලින් සඳහන් කරපු සියල්ලම හිමිවෙනවා වගේම Productivity apps and services සේවාව සම්පුර්නයෙන්ම සිමා රහිතව ඔබට හිමිවෙනවා. A 5 කොටස සමඟ මම ඉහත සඳහන් කරපු සියලුම සේවාවන් සීමාවක් රහිතව ලබාගන්න පුළුවන්. කෙනෙක් ඉන්නවනම් මම ඉහත සඳහන් කරපු මේ Microsoft Office 365 services ගැන මේ ලින්කුවෙන් විස්තර ලබාගන්න පුළුවන්.

ඔබේ පාවිච්චියට Teams පාවිච්චි කරනවානම් මේ ලින්කුව භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනික හේතුන් මත ඔබ Teams ගන්නවානම් මේ ලින්කුව පාවිච්චි කරන්න පුළුවන් ඔබට. ඒ වගේම Office365 A 1 සේවාව නොමිලේ ලබාගන්නවා නම් මේ ලින්කුව භාවිත කරන්න.

ඒ වගේම ඔබ දැනටමත් Teams භාවිත කරන කෙනෙක්නම් අපි සමඟ ඒ අත්දැකීම බෙදාගනිවී කියලා.

නැවත හමුවෙනතුරු නිවැරදි සෞඛ්‍ය පුරුදු එක්ක ඉන්න. සුභ දවසක්!

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY