Microsoft Teams ගැන ඔබ නොදත් දේ!

Microsoft Teams ගැන ඔබ නොදත් දේ!

3083
0
SHARE

Microsoft Teams ගැන ඔබ මීට පෙර අසා තිබෙනවද? මෙය පටන් ගත්තේ ඇයි? මේකෙන් මොනවද කෙරෙන්නේ? ඔබට මේ ගැන කුඩා හෝ අවබෝධයක් නැතිනම් ඔබට මේ ලිපිය වැදගත් වේවි.

Microsoft Teams පැහැදිලිවම workplace එකක් විදිහට දක්වන්න පුළුවන්. මේක තුලට අන්තර්ගත වෙනවා, chats, meetings, notes වගේම attachments.  මේ service එක පවතින්නේ Office 365 subscription එකත් සමගමයි. මේක නිකුත් වීම ගැන Microsoft එකෙන් පණිවිඩයක් නිකුත් කරන ලද්දේ 2007 මාර්තු මාසේ 14 වැනිදා New York වලදී. දැනට මේක භාරව කටයුතු කරන්නේ Microsoft ආයතනයේ Corporate Vice President කෙනෙක් විදිහට කටයුතු කරන Brian MacDonald මහතා.

Microsoft ආයතනයේ Office 365 තුල මිට පෙර පැවතුනු SharePoint, Yammer, Office Apps, Skype හා Outlook වලට මේ අලුතින් එකතු වුනු Microsoft Teams සැහෙන ලොකු උදව්වක් වේවි කියලා කියන්න පුළුවන්. Microsoft Teams වලදී ඔබට භාෂා 26ක් සමග පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේ Teams වල ආරම්භය සැහෙන්න රසවත්. Microsoft සමාගම 2016දී සුදානම් වුනා Bid කරන්න Slack ආයතනය වෙනුවෙන් ඩොලර් බිලියන 8ක මුදලක්. නමුත් Bill Gates මහතා පෞද්ගලිකව මේ සම්බන්ධව එතරම් කැමැත්තක් තිබුනේ නැහැ. ඔහුගේ අදහස වුනේ Skype for business වැඩිදියුණු කරන්න. නමුත් අවසානයේදී  2016 නොවැම්බර් ආරම්භයේදී Slack හා තරග බිමට එකතු වෙන තරගකරුවෙක් විදිහට මේ Microsoft Teams පැමිණියා.

Microsoft Teams සතුව විශේෂ ගුණාංග ගණනාවක් පවතිනවා. Group Chat හෝ Private Chat පහසුකම්, Skype මගින් voice හා video call ලබාගැනීමේ හැකියාව, Teams අතර ඉක්මනින් මාරු වීමේ හැකියාව, තම තමන්ගේ හැගීම් පෙන්වීමට emojis, stickers හා GIFs ලබාගැනීමේ හැකියාව ඒ අතරින් විශේෂයි. Exchange වල තිබෙන විශේෂ ගුණාංග, Twitter, Github වගේ third party software වල updates පිලිබදව තොරතුරු ලබාගැනීමේ හැකියාව, Microsoft Bot Framework නිසා AI වගේ තාක්ෂණයන් පහසුවෙන් භාවිතා කල හැකි වීම වගේ කරුණු පවා මෙය තුලට ඇතුලත් වෙලා තිබෙනවා. Microsoft Teams වැඩ කරන්න හුගක් දුරට පාවිච්චි වෙන්නේ ඔබේම browser එක. නමුත් ඔබට ඔබේ වාහනයේ ගමන් කරද්දී පවා වැඩ කරගැනීමේ පහසුව තකා  Android, Windows, Mac හා iOS වලට apps නිර්මාණය වී තිබෙනවා.

2018 වසරේදී තවත් දේවල් එකතු කරන්න Microsoft සුදානමින් ඉන්න බව ඔවුන්ගේ වෙබ් අඩවිය තුලින් පවසා තිබුනා. මේකෙන් ප්‍රධානම කරුණ වෙන්නේ Cortana ආගමනය. usersලට මේ මගින් අවස්ථාවක් උදා වෙනවා voice commands පාවිච්චි කරලා call එකක් ගන්න, meeting එකකට join වෙන්න වගේම තව දහසකුත් දේවල්… මේක තුලදී inline message translation වගේ options බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ මගින් ලැබෙන ලොකුම පහසුව තමයි ඔබ English වලින් කතා කරන සියල්ල translate වෙලා Chinese බසින් ඔබේ ආයෝජකයා  හා සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් විශේෂ කරුණක් වෙන්නේ හිතන්න ඔබ නිවසේ සිටම ඔබේ ආයෝජයකයන් හා සම්බන්ධ වෙනවා කියා. ඔබ සමහරවිට සිටින්නේ ඔබේ නිදන කාමරයේ වෙන්න පුළුවන්, මෙහිදී ඔබට පහසුවෙන්ම ඔබේ background එක blur කිරීමෙන් ආයෝජකයා සම්බන්ධ කරගන්න පුළුවන්. මේ කරුණ වගේම cloud recording feature එකක්ද මේ හා ලගදීම සම්බන්ධ වීමට නියමිතයි. ඒ කියන්නේ meeting එක record කරගන්න පුළුවන් ඔබට time එක මැන ගන්නා ගමන්ම. facial recognition පවා මේ Microsoft Teams වලට අනාගතයේදී එකතු කිරීමට Microsoft ආයතනය සුදානමින් සිටිනවා.

බොහොම මෑතකදී වෙළදපොල අතික්‍රමණය කිරීමේ අරමුණින් පැමිණි Teams නුදුරේදීම සෑහෙන ඉදිරියට යාවි කියා විචාරකයන් බලාපොරොත්තු වෙනවා. නැවත හමුවෙමු…

Source : https://www.neowin.net/news/cortana-integration-and-more-are-coming-to-microsoft-teams-this-year

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY