අනිකුත් Office නිපැයුම් සඳහා Microsoft ඉගනුම් උපකාරක මෙවලම් ලබා ගැනීමේ හැකියාව පුළුල්...

අනිකුත් Office නිපැයුම් සඳහා Microsoft ඉගනුම් උපකාරක මෙවලම් ලබා ගැනීමේ හැකියාව පුළුල් කිරීමේ සූදානමක්

1570
0
SHARE

නව විශේෂාංග සමඟින් කරළියට පැමිණි Windows 10 සහ Office 365 නිසා මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට Microsoft සමත් වෙලා තියෙනවා. කෙසේ වුවත් OneNote සඳහා වන ඉගනුම් මෙවලම් (Learning Tools) සමඟින් වසර පුරා ජනප්‍රිය වෙමින් සිටින Microsoft, accessibility සහ assistive තාක්ෂණයන් නිසා මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් ද ලබා ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ දී පොදුවේ ලබා ගැනීමට හැකිවීමට පෙර add-in හි පොදු පෙර දසුන Microsoft නිවේදනය කල ආකාරය නිසා OneNote සඳහා වන ඉගනුම් මෙවලම් (Learning Tools) පළමු ‘Top Dyslexia App of 2016’ ලෙස Dyslexic Advantage විසින් නිවේදනය කර තිබෙනවා.

OneNote add-inහි නිකුතුවත් සමඟ තම සිසුන් සඳහා වඩාත් පරිපූර්ණ ඉගනුම් අත්දැකීම් නිර්මාණය කිරීමට ගුරුවරුන්ට තාක්ෂණය විසින් ඉඩ ලබා දී තිබෙනවා. කලින් desktop පිටපතට පමණක් සීමා වුන OneNote සතු වූ සුවිශේෂී අංග OneNote Online, Word සහ Word Online වැනි අනිකුත් Office applications සඳහා ද ලබා දීමට දැන් Microsoft සැලසුම් කරමින් සිටිනවා.

image02

මූලික සංක්‍රමණයට ඇතුළත් වන සමහරක් විශේෂාංග:

අවධානය සහ අවබෝධය වැඩි දියුණු කිරීමට උදව් වීමට සමගාමීව text highlighting සමඟ සිදු වන text-to-speech reading.

‘Visual crowding’ ගැටලු ඇති අයගේ චතුර බව වැඩි දියුණු කිරීමට උපකාරී වන text spacing.

වචන හඳුනා ගැනීමට සහ ලිවීමේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට සහාය වන ‘Immersive Reader’හි මුලින් තිබූ ‘parts of speech’ විශේෂාංග.image03

Office Lens app එක සඳහා ද ඉගනුම් මෙවලම් (Learning Tools) හි විශේෂාංග ගෙන ඒමට Microsoft අදහස් කරත් ඒ මොනවා ද? ඒවා නිපදවන්නේ කෙසේ ද? යන්න පිළිබඳ ව ඔවුන් කිසිදු සඳහනක් කර නැත. අදාළ applications සඳහා මෙම විශේෂාංග ලබා දෙන දිනයක් නිවැරදිව ම නිවේදනය කර නොමැති නිසා ඒවා ලබා ගැනීමට හැකි වන දිනයක් අපට නිසැක වම දැනුම් දීමේ හැකියාවක් නැත.
Source: Microsoft

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY