Microsoft ශ්‍රී ලංකා සමාඟමේ අභිනවයෙන් විවෘත කළ Customer Immersion Experience පහසුකම

Microsoft ශ්‍රී ලංකා සමාඟමේ අභිනවයෙන් විවෘත කළ Customer Immersion Experience පහසුකම

3208
0
SHARE

Microsoft ශ්‍රී ලංකා සමාගම විසින් පසුගිය ජනවාරි 28 වන දින නවතම තාක්ෂණික අංගෝපාංග රැසක් සහිත කාර්යාල රැස්වීම සඳහා භාවිතාකල හැකි ශාලාවක් හදුන්වාදෙනු ලැබුවා. මෙය Customer Immersion Experience (CIE)ලෙස Microsoft සමාඟම විසින් හඳුන්වනු ලබයි. මෙය නවම් මාවතේ පිහිටි Microsoft ශ්‍රී ලංකා  ආයතනය තුල ස්ථාපිත කර ඇත.

මෙම ශාලාව තුල අගනා Microsoft තාක්ෂණික අංගෝපාංග කීපයක්ම සමන්විත වන අතර එම උපාංග අතර නවතම පන්නයේ Notebook පරිගණක කීපයක්, ඉතා විශාල LED තිර 3ක් , නවීන පන්නයේ Conference සඳහා වන උපකරණ කීපයක්, නවතම Microsoft Lumia ජංගම දුරකතන කීපයක්ද වේ. මීට අමතරව මෙහි ඉතා විශාල සුදු පැහැති මේසයක් හා Podium දෙකක්ද දක්නට ලැබේ. මෙහි ඇතුලත නිර්මාණ සැලසුම සම්පූර්ණයෙන් සුදු පැහැතිවන අතර එමගින් එයට ඉතා නැවුම් පෙනුමක් ලබාදේ. තවද මෙහි ඇති සියලුම උපාංග Microsoft මෘදුකාංග මඟින් පණගැන්වේ.

Microsoft-Sri lanka - Customer-Immersion-Experience-3

Rena Chai, Chief Marketing & Operations Officer of Microsoft South East Asia New Markets | Photo credits Microsoft Sri Lanka

මෙම CIE පහසුකම ඕනෑම ව්‍යාපරික ක්ෂේත්‍රයේ සිටින ඉහල පෙළෙනිලධාරී සඳහා භාවිතාකිරීමට හැකි අයුරින් නිර්මාණය කර ඇති අතර මෙමගින් එදිනෙදා ව්‍යාපාරික රැස්වීම් හා සාකච්ඡා සඳහා Microsoft තාක්ෂණයන් හා මෘදුකාංග භාවිතයෙන් වඩා සාර්ථකව සිදුකිරීම පිළිබඳ පූර්වදැනුමක්ද ලැබෙනු ඇත. මෙහිදී Office 365, Office Delve, Skype, Power BI, Yammer වැනි Microsoft තාක්ෂණික මෘදුකාංග භාවිතාකරමින් ඉතා ඉහල මට්ටමේ සාකච්ඡා හා රැස්වීම් සිදුකිරීමට ද තාක්ෂණික ක්‍රමෝපායන් මඟින් ඉතා ඉහල මට්ටමේ තීරණ වලට එළැබීමටද හැකි වාතාවරනයක් ලැබෙනු නිසැකය.

Microsoft සමාඟම ඔවුන්ගේ මේ CIE පහසුකම ඔවුන්ගේ වචනයෙන් හඳුන්වන්නේ නම්,

“The Microsoft Customer Immersion Experience (CIE) is a hands-on introduction to Microsoft’s suite of productivity tools. A true-to-life user experience, CIE takes you through everyday business situations, such as working remotely, analyzing sales data and collaborating with coworkers, and lets you see how Microsoft products make it all easy, convenient and secure.

CIE sessions are delivered in-person or remotely by a trained facilitator and designed to discover the right solutions for your business in an interactive, experiential and fun way.”

ඔබත් ඔබගේ ව්‍යාපාරික කේෂ්ත්‍රයේ අවශ්‍යතා සඳහා මෙම Microsoft Customer Immersion Experience පහසුකම් භාවිතාකිරීමට හෝ අත්දැකීමට කැමති අයෙක් නම් එසඳහා වැඩිවිස්තර ලබාගැනීමට (+94) 11 4765500 වෙත අමතන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY