Microsoft සමාගම ශිෂ්‍යයන් සඳහා නව Minecraft coding tutorials නිකුත් කරයි

Microsoft සමාගම ශිෂ්‍යයන් සඳහා නව Minecraft coding tutorials නිකුත් කරයි

2518
1
SHARE
Microsoft and Code.org team up to bring 'Minecraft' to Hour of Code (PRNewsFoto/Microsoft Corp.)

Microsoft සමාගම නව Minecraft coding tutorials ශිෂ්‍යයන්ට සහ ගුරුවරුන්ට නිකුත් කොට තිබෙනවා. ඒවා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ Hour of Code අරමුණු කරගනිමිනි. Hour of Code යනු Microsoft සමාගම විසින් පවත්වනු ලබන පරිගනක විද්‍යාව සඳහා නවකයන් එක් කරගැනීමේ ව්‍යාපාරයකි. මෙම tutorial එක තරඟකරුවන් හට මූලික තලයේ code වෙත Minecraftහි විනෝදාශ්වාදය සමග හඳුන්වාදීම සිදු කරන අතර දැනටමත් එය Code.org හරහා ලබාගත හැක.

මෙය වයස අවුරුදු 6 සහ ඊට වැඩි දරුවන් සඳහා වන අතර, Minecraft ලෝකයේ crafting, mining සහ exploring හරහා තරඟකරුවන්ට විවිධ virtual languages ඔස්සේ නව හැකියාවන් ඉගෙනීමට ධෛර්යමත් කරයි. මෙහි අභියෝග 14ක් ඇතුලත් වන අතර tutorial එක පුරා උගත් coding concepts අත්හදා බැලීමට “free play time” එකක් ද අන්තර්ගත වේ.

නව tutorial එකක් නිකුත් කිරීම මෙන්ම, Microsoft සමාගම ලොව පුරා රටවල් 50ක උත්සව දහස් ගණනක් පැවැත්වීම මගින් විශ්ව Hour of Code ව්‍යාපාරය වෙත සහය දක්වයි. එවන් උත්සව Microsoft stores, කාර්යාල මෙන්ම නියෝජිත ආයතන හා පාසැල්වල පැවැත්වේ.

Minecraft coding tutorials on Code.org

Windows Central අනුග්‍රහයෙනි.

Comments

comments