Mac පරිගණක වලට ත් දැන් Visual Studio.

Mac පරිගණක වලට ත් දැන් Visual Studio.

1780
0
SHARE

ලොව පුරා ප්‍රචලිත developer tool එකක් වන Microsoft Visual Studio පාවිච්චි කරන්න දැන් ඔයාලට Windows තියෙන්නම ඕනෙ නැහැ. මොකද කියනවා නම් Microsoft සමාගම Mac පරිගණක වලටත් Visual Studio දැන් හඳුන්වලා දීලයි තියෙන්නේ. Microsoft සමාගම cross-platform development වලට යොමු වෙනවා කියන්න හොඳම සාක්ෂියක් තමයි මේ. Mac පරිගණක සඳහා Visual Studio හඳුන්වා දීමට යන බව මීට පෙරදී blog post එකක් හරහා හෙළිදරවු වුණා. ඒ ආරංචි සැබෑවක් කරමින් දැන් Visual Studio preview edition එක, Mac OS සඳහා නිකුත් වෙලා තියෙනවා.

Visual Studio හි මේ edition එක මූලිකවම ඉලක්ක කරලා තියෙන්නේ cross-platform development සඳහායි.Microsoft Xamarin භාවිතයෙන් Android, iOS සහ Mac applications වගේම .NET Core භාවිතයෙන් server software ලියන්නත් දැන් ඔයාලට Visual Studio මගින් පුළුවන්. වැදගත්ම දේ තමයි Windows සහ Mac users ලා අතරේ projects පහසුවෙන්ම share කරන්නට පුළුවන් වීම. මේ සඳහා files convert කිරීමක් දැන් අවශ්‍ය වෙන්නේ නැහැ.

Mac OS සඳහා වන Visual Studio හි finished version එක එලි දැක්වෙන දිනය තවම තහවුරු කරලා නැහැ. බොහෝ දුරට එය 2017 දී එලි දැක්වීමට ඉඩ තියෙනවා.

Mac පරිගණක සඳහා Visual Studio හඳුන්වා දීම අනුවණ අදහසක් විදිහට ගොඩක් දෙනෙක්ට හැඟෙන්නට පුළුවන්.මෙය Windows developers ලා ව කිසියම් පසුබෑමකට ලක් කිරීමක් විදිහටත් දකින්න පුළුවන්. නමුත් Microsoft සමාගමේ “mobile first, cloud first” strategy එකට අනුව නම් මෙය බොහොම තාර්කික ක්‍රියාවක්. තව දුරටත් විස්තර කරනවා නම්, කෙනෙක් Mac OS සඳහා applications ලියනවා නම් මෙමගින් ඔහුට එම applications Windows පරිගණක වෙත ලබා ගැනීම පහසු කරනවා.

මේ link එකෙන් ඔයාලටත් Visual Studio preview එක download කරගන්න පුළුවන්.

source : engadget.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY