HoloLense මගින් ලොව වෙනස් කිරීමට Microsoft ඔබගේ සහය පතයි

HoloLense මගින් ලොව වෙනස් කිරීමට Microsoft ඔබගේ සහය පතයි

2742
1
SHARE

2016 වසරේ ප්‍රථම භාගයේ, HoloLense Development Edition ඇ.ඩොලර් 3,000කට අලෙවිය ආරම්භ කිරීමට නියමිතයි. එය Microsoft සමාගමේ දැනට ක්‍රියාත්මක, Windows 10 මගින් HoloLenseහි augmented reality platform වර්ධනය කිරීමේ ව්‍යායාමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. තවද මේ අනුව සමාගම තම උපාංගය වැඩිදියුණු කිරීමට developersලාගේ නොමද සහය බලාපොරොත්තු වනු ඇත.

අද දින Microsoft සමාගම ඔවුන්ගේ community එක වෙත ආරාධනා කරනු ලැබුවා, holographic computing මගින් කෙසේ ලොව වෙනස් කල හැකිද යන්න ඔස්සේ තම අදහස් බෙදාගන්නා ලෙසට

Microsoft සමාගම පවසන්නේ ඔවුන් වඩාත්ම උචිත අදහස් ත්‍රිත්වය තොරාගෙන, ඒවා Twitter ඔස්සේ මනාප විමසීමකට ලක් කොට, ජයග්‍රාහක අදහස HoloLense team මගින් නිර්මාණය කරන බවයි. ඔබේ අදහස තෝරාගතහොත්, ඔබට සතිපතා build reviews කිරීමටද, ගැටලු විමසීමටද සහ තවත් බොහෝ අවස්ථා රැසක කොටස්කරුවකු වීමේ අවස්ථාව උදාවේ. තවද එම අදහස නිර්මාණය අවසානයේදී, එහි code, open source කරන බවත් එමගින් HoloLense community එක වෙත ඒ ඔස්සේ නිර්මාණය කල හැකි බවද තවදුරටත් එම සමාගම දන්වා සිටියි.

ඔබේ අදහස් මෙතැනින් පලකරන්න

Comments

comments