Microsoft windows 10 වලින් Cortana වෙන් කරයිද?

Microsoft windows 10 වලින් Cortana වෙන් කරයිද?

3318
0
SHARE

 

Microsoft විසින් මේ වනවිට Windows 10 වල අලුත් වෙනස්කම් කරමින් ඉන්නවා. අපි කව්රුත් භාවිතා කරන typing search box එක සහ Cortana ඒ කියන්නේ හඬ විමසුම(voice searching),  Windows 10 taskbar එකේ එකම තැන එකට සම්බන්ද  වෙලා තමයි තියෙන්නේ.

මෘදුකාංග ලොවේ දැවැන්තයා, Microsoft විසින් මේ කාර්යයන් දෙක වෙන වෙනම අලුත් taskbar එකට එකතු කරලා තියෙනවා. මේ අලුත් වෙනසින් බලාපොරොත්තු වෙන්නෙ හඬ විමසුම් කාර්යයන් (voice searching) typing කරලා ලිපිගොනු සොයාගැනීමේ කාර්යයත් වෙන වෙනම සිදුකිරීමයි.

 

ළඟ එන අප්‍රේල් මාසයේ windows update එකෙන් මේ වෙනස ක්‍රියාත්මක කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. Microsoft හි අභ්‍යන්තර ප්‍රධානී Dona Sarkar පැහැදිලි කරන ආකාරයට මේ එක් එක් අත්දැකීම ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ස්වාධීනව අත්විඳ ගැනිමේ හැකියාව ලැබෙනවා.

ඇත්තටම මේක ටිකක් විතර අවුල් සහගතයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් ,මොකද search box දෙකක්ම තැන් දෙකක තියෙන නිසා. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරක් විදියට ඔවුන් සඳහන් කරන්නේ අලුත් update එකෙන් Cortana වල භාවිතය අඩු කිරීමක් සහ වඩාත් පහසු සෙවුම් යාන්ත්‍රණයක් ලබාදීමක් සිදුවෙනවා  කියලා.

බොහෝ windows පරිශීලකයන් විසින් වඩාත් පහසු සහ ප්‍රතිපලදායක සෙවුමක් (search result) ඔවුන්ට ලබාදෙන ලෙස කරපු ඉල්ලීම් වල ප්‍රතිපලයක් විදියට තමයි Microsoft මේ අලුත් update එක ලබාදෙන්නේ. ඉතින් අපි බලමු අලුත් අත්දැකීම අපිටත් කොයිවිදියට දනෙයිද කියලා.

 

Source: https://www.theverge.com/2019/1/16/18185490/microsoft-cortana-windows-10-search-changes

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY