Microsoft එක්ක කලඑළිබහින අලුත්ම Samsung’s Galaxy Note 10

Microsoft එක්ක කලඑළිබහින අලුත්ම Samsung’s Galaxy Note 10

2644
0
SHARE

මේ කියන්න යන්නේ Microsoft ඒ වගේම Samsung ආයතන එකතුවෙලා කරන්න යන තවත් අලුත් වැඩක් ගැනයි.මේ ගැන මුලින්ම කතාබහක් ඇති වෙන්නේ පහුගිය දවසක තිබුණු Samsung’s Galaxy Note 10 එළිදැක්වීමේ උළෙලත් එක්කමයි.මේ උළෙලට සහභාගී වුන Satya Nadella, ඒගොල්ලොන්ගේ මේ අලුත් partnership ගැන හැදින්වුයේ “Android mobile apps වගේම Windows PCs අතර තියෙන පරතරය අඩු කිරීම,ඒ වගේම ඵලදායීතාව වැඩිකිරීම උදෙසා කරගෙන යන අලුත් පරිච්චේදයක්”,විදිහටයි.

අලුත්ම Samsung’s Galaxy Note 10,එයාලගේ හැම phone app එකක්ම Microsoft එක්ක සම්බන්ධ කරලයි තියෙන්නේ.මේකේදී ඔයාලගේ ජංගම දුරකතනයට එන Android text messages, notifications වගේම ඔයාලගේ phone screen එක පවා සකස් වෙලා තියෙන්නේ Windows 10 PC ආකෘතියට අනුවයි.Microsoft ආයතනය මේ සම්බන්ධතාවය වැඩිදියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා.Shilpa Ranganathan (head of the company’s mobile and cross-device experiences) කියන විදිහට මේ වසර අවසානයේදී ඔබට,ඔබේ ජංගම දුරකථනයට එන දුරකථන ඇමතුම් ඔබේ PC එක මාර්ගයෙන් ලබාගැනීමේ අවස්ථාවත් හිමිවෙනවා.

මීට අමතරව Samsung ආයතනය එයාලගේ DeX interface එක නැවත අලුත්වැඩියා කරලා තියෙනවා.මේ නිසා ඔයාලගේ Galaxy Note 10 සහ Windows 10 PC අතර කේබල් සම්බන්ධතාවයක් මගින් ඔයාලගේ phone app හැම එකක්ම desktop හෝ laptop computer එකක් හරහා භාවිතා කිරීමේ හැකියාව ලැබිල තියෙනවා.Microsoft’s Office apps(Word, Excel, PowerPoint) ගැන කතා කරොත් අවසන්වරට මේ පහසුකම හිමිවුණේ Galaxy S6/S8 ජංගම දුරකථන වලට.Galaxy S9 දී මේ පහසුකම ලබාදෙන්න Samsung ආයතනය සමත්වුනේ නෑ.හැබැයි අලුත්ම Galaxy Note 10 හරහා ඔයාලට මේ Microsoft’s Office apps,Outlook ඒ වගේම LinkedIn සහ OneDrive සඳහා සම්බන්දතාවයද හිමිවෙලා තියෙනවා.

 

මේ pre installed කරපු හැම app එකක්ම සහිතව Samsung Galaxy Note 10 හෝ Note 10 Plus දුරකථන Microsoft stores හරහා ලබාගැනීමේ හැකියාව මේ වනවිට පාරිභෝගිකයන්ට හිමිවෙලා තියෙනවා. තවදුරටත් Microsoft ආයතනය කියන විදිහට,මේ Android ඒවගේම Samsung Galaxy සඳහා වෙන පාරිභෝගික බලාපොරොත්තු,අත්දැකීම් යාවත්කාලින කිරීමක්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY