අලුත්ම Microsoft’s powered Edge browser එක

අලුත්ම Microsoft’s powered Edge browser එක

1801
0
SHARE

2018 දෙසැම්බර් මාසයේ නිවේදනය කරපු විදිහටම Microsoft’s Chromium-powered Edge browser එක පසුගිය අප්‍රේල් මාසයේ එළිදැක්වූවා.ඊට සතියකට පමණ පෙර Microsoft ආයතනය විසින් macOS සදහාඳ මේ Edge browser එක එළිදැක්වූවා.නිල වශයෙන් තවමත් මෙම පහසුකම පාරිබෝගිකයන්ට ලබා දීලා නෑ.හැබැයි වක්‍රාකාරව තම පරිගණකය සඳහා මෙම පහසුකම ලබා ගන්න macOS පාරිබෝගිකයන් සමත් වුනා.ඒ ආකාරයටම Windows සඳහා එළිදැක්වූ Edge Beta browser එකත් නිලනොවන ආකාරයට download කරගන්න Windows භාවිතා කරන්නන් සමත් වෙලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.

Canary browser හා Dev branches සඳහා මේ වන විට මේ Edge පහසුකම ලබාදීලා තියෙනවා.මේ ආකාරයට Canary දිනපතා යාවත්කාලීන වෙන අතර Dev සතිපතාද,Edge Beta සති 6කට වරක්ද යාවත්කාලීන වෙනවා.

කෙසේවෙතත් Microsoft severs හරහා මේ වන විටත් download කරගෙන තියෙන මේ Edge browser එක නිත්‍යානුකුල නොවන බවත් අවසානයේදී ඔවුන් පාරිබෝගිකයන් වෙත නිකුත් කිරීමට සිටි Beta හා මේ නිත්‍යානුකුල නොවන ලෙස download කරගත් Beta අතර වෙනස්කම් තියෙන්න පුළුවන් බවත් Microsoft ආයතනය පවසනවා.නිශ්චිත වශයෙන් එහිදී තහවුරු කරන්න පුළුවන් ‘Beta’ icon එක විතරක් බවත් ඔවුන් පවසනවා.

මේ නීතිවිරෝදී ලෙස ලබාගත් Edge Beta, x86 හා x 64; OS සඳහා පමණක් වෙන නිසා native ARM64 සඳහා භාවිතා කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා.අවසන් නිකුත් කිරීමට කලින් ලැබුන නිසාත් බොහෝ දුරට Beta තුල ඇති විශේෂාංග සම්පුර්ණ වෙලා තියෙන නිසාත් මේ නීතිවිරෝදී Beta Edge browser එක අත්හරින්න පරිබෝගිකයන්ගේ නම් වැඩි කැමැත්තක් නෑ.

කෙසේවෙතත් ඉදිරියේදී Windows 7 හා 8.1 සඳහාද මේ Edge browser එක නිකුත් වෙන අතර එය තුල Edge Beta තුල ඇති විශේෂාංග ඇත්දැයි දැනගැනීමට තවමත් හැකි වෙලා නෑ .

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY