විශ්මයජනක ලොවකට ඔබගෙන යන Microsoft Holoportation

විශ්මයජනක ලොවකට ඔබගෙන යන Microsoft Holoportation

2450
0
SHARE

Microsoftහි agumented reality(AR) headset එක සමග ඔබට විශ්මයජනක දෑ රැසක් කල හැකිය. නමුත් Microsoft Researchහි Interactive 3D Technologies(I3D) කණ්ඩායම විසින් HoloLens සමග අපූරු නව නිර්මාණයක් සිදු කොට ඇත.

පසුගිය දින YouTube වෙත නිකුත් කල වීඩියෝවෙහි අන්දමට වෙනත් ස්ථාන දෙකක සිටින පුද්ගලයන් දෙදෙනෙකු HoloLens මගින් එකම ස්ථානයකට පැමිණ එකිනෙකා හා හැසිරෙන දැක්වේ. පසුව එම වීඩියෝවේ දැක්වෙන්නේ, Minority Reportහි වූ පරිදි, පුද්ගලයෙකු තමන් ඇතුලත් එම පටිගත කල දර්ශන, කුඩාවට ද නැවත ක්‍රියාකරවන ආකාරයයි.

Holoportation සංකල්පය, විකට වැඩසටහනක් වන Silicon Valleyහි Hooli CEO Gavin Belsonගේ telehuman telepresence සංකල්පයට ඔබ්බේන් යන්නකි. එසේ වන්නේ විවිධ කෝණයන්ගෙන් පටිගත කරන කැමරා දර්ශන මගින් holographic ඉදිරිපත්කිරීමට කාමරය පුරා ඇවිද යාමට හැකි බැවිනි.

මෙවැනි යමක් Oculus Rift හෝ HTC Vive වැනි virtual reality(VR) headset එකක් මගින් සිදු කල නොහැකි වන්නේ තමන් වටා ඇති කාමරය නොපෙනෙන බැවිනි. එමෙන්ම 3D hologram ලෙස පෙන්නුම් කෙරේ. මෙවැනි විශ්මයජනක දෑ HoloLens සහ වෙනත් AR උපාංග අත්හදා බැලීමට ඔබ පොළඹවනු නිසැකයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY