Windows 10 සඳහා අලුත් paint app එකක්

Windows 10 සඳහා අලුත් paint app එකක්

2184
1
SHARE

මුලින්ම අපි Microsoft paint preview  video එකක් බලා පොඩි අදහසක් ගමු.

Microsoft සමාගම ඔවුන්ගේ තිබුනු පරණ paint app එක  අලුතෙන් design කිරීමට තීරණය කිරීමත් සමග ඔවුන්ගේ පරණ version එකේ paint app එක ඕනෑම කෙනෙක්ට download කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. අලුත් paint version එක සම්පුර්නයෙන්ම වෙනස් විදියේ එකක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. එය pen එකක් මගින් භාවිතා කරන්න පුළුවන් windows app එකක් ලෙස , touch කිරීමේ පහසුකමද තියෙනවා.

මෙම app එක භාවිතා කරන්නන්ගේ අදහස් අනුව එය ඉතා වේගවත්ය.මෙහි animations ඉතා හොදින් වැඩ කරන අතර , පරණ version එකට වඩා හොදින් basic features touch කිරීම මගින් පහසුවෙන් කරන්න පුළුවන්.

අවාසනාවකට මේ අලුත් paint version එකේ layering support කරන්නේ නැහැ.මෙය පරණ alpha එකේ copy එකක් නිසා එහෙම’ වුනා වෙන්න පුළුවන්.Microsoft තවම මෙය සම්පුර්ණ කරන්න උත්සාහ අරගෙන නැහැ.Photoshop වල වගේ මෙහි ගොඩක් shortcuts තියෙනවා.මෙහි එකම වේලාවේ files ගොඩක් open කර ගන්න පුළුවන්. paint එක භාවිතා කරන විට එය මූලික photo editing tool එකක් ලෙස දැනෙනවා.

paint මගින් පහසුවෙන් photo එකක් crop කර ගන්න, text එකක් ඇතුලත් කරන්න,විවිධ brushes සහ pencils භාවිතා කරන්න පුළුවන්. paint සඳහා විවිධ 2D සහ 3D හැඩ Microsoft විසින් ඇතුලත් කර තියෙනවා. 3D objects තිබෙන පොදු අංශයක්  තිබෙන අතර එය දැනට තහනම් කර තියෙනවා.ඒ මෙම alpha version එකේ කොටසක් ලෙස සිදුවූ දෙයක් ලෙස සිතිය හැක.

Source: theverge.com

Comments

comments