මිනිසෙකු තරමටම හොඳින් ශ්‍රවණය කළ හැකි speech recognition system එකක් Microsoft සමාගමෙන්

මිනිසෙකු තරමටම හොඳින් ශ්‍රවණය කළ හැකි speech recognition system එකක් Microsoft සමාගමෙන්

1901
0
SHARE

සාමාන්‍ය පුද්ගලයෙකු දෙකනින් ශ්‍රවණය කරන දෑ මොළය වෙත සංඥා ආකාරයෙන් ගමන් කරනවා. මොළය මගින් මෙම සංඥා පරිවර්තනය කර පණිවිඩය හඳුනා ගන්නවා.මෙසේ හඳුනා ගැනීමට උත්සාහ කිරීමේදී ශ්‍රවණය කරන ප්‍රමාණයෙන් සුළු ප්‍රතිශතයක් අපිට මගහැරී යනවා. සාමාන්‍ය පුද්ගලයෙකු සඳහා මෙම අගය 5.9% ක් පමණ වෙනවා.Microsoft සමාගම නිවේදනය කළ පරිදි පළමු වරට මිනිසෙකුගේ මොළයෙන් පණිවිඩ හඳුනා ගන්න සීග්‍රතාවයට සමාන සීග්‍රතාවයකින් පණිවිඩ හඳුනා හැකි පරිගණක පද්ධතියක් නිපදවීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. Microsoft සමාගමේ ප්‍රධාන කථන විද්‍යාඥ Xuedong Huang පවසන පරිදි ඔවුන් මේ තුළින් මිනිස් ක්‍රියාකාරිත්වය සම කරලා තියෙනවා.මෙම පද්ධතිය Microsoft සමාගම විසින් speech recognition engine ලෙස හඳුන්වා දී තිබෙනවා.

පසු ගිය මාසයේදී speech recognition engine හි පැවති දෝෂ ප්‍රතිශතය 6.3% ක්. මාසයක් තුළ එය 5.9% දක්වා පහතට ගෙන ඒමට Microsoft සමාගම සමත් වෙලා තියෙනවා. දෝෂ ප්‍රතිශතය 5.9% දක්වා අවම කරගැනීමට Microsoft සමාගම විසින් භාවිතා කරලා තියෙන්නේ neutral language model යන සංකල්පයයි.මේ තුලින් speech recognition engine එකට වචන අවබෝධ කරගැනීමට සහ අවස්ථානුකූලව වචන හඳුනා ගැනීමේ හැකියාව හිමි වෙනවා. මෙහි එන record setting algorithm එක develop කිරීම සඳහා Microsoft සමාගම ඔවුන්ගේම නිපැයුමක් වන Computational Network Toolkit එක භාවිතා කරලා තියෙනවා.

ජනාකීර්ණ ප්‍රදේශයකදී හෝ රිය පදවන අතරතුරදී මෙවැනි පද්ධතියක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. Development team එකේ ඊළඟ අරමුණ තමයි speech recognition engine එක ඉහතින් සඳහන් කළ ආකාරයේ එදිනෙදා ජිවිතයේ අවස්ථාවන් සඳහා භාවිතා කිරීමට හැකි අයුරින් වැඩි දියුණු කිරීම. ඒ වගේම ඉදිරියේදී මෙය එකවර users ලා වැඩි ගණනකට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට develop කරන්නත් Microsoft සමාගම බලපොරොත්තු වෙනවා.

Source: engadget.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY