වසරේ ජනප්‍රියම OS සම්මානය Windows 10ට?

වසරේ ජනප්‍රියම OS සම්මානය Windows 10ට?

2285
0
SHARE

මේ ලිපිය කියවන ඔබ open source enthusiastic කෙනෙක් නෙමෙයි නම් අනිවාර්යෙන්ම ඔබේ පරිගණකයත් Windows වෙන්නැති. හරියටම කිව්වොත් Windows 10 නේද ඔබේ පරිගණකය. ඔබ පිළිගන්න 2018 වසර අවසන් වෙන මොහොත වෙනකොට ලෝකයේ වටිනාම ආයතනය බවට පත් වන්නට Microsoft ආයතනයට හැකි වුණා පමණක් නෙමෙයි වසරේ ජනප්‍රියම OS එක ලෙස Windows 10 කිරුළු පලන්දවන්න පවා ඔවුන්ට හැකි වුණා.

2015 වසරේදී Microsoft විසින් ප්‍රකාශ කලා වසර 3ක් අවසානයේදී බිලියන එකක් devices වලට windows 10 ලබාදෙන බවට. “No other platform working in any ecosystem is available on 1 billion devices,” මේ වීදිහට ලොකු පොරොන්දු ලබා දුන්නත් වසරක් ඉක්ම යන්නත් මත්තෙන් ඔවුන් මෙහි බැරෑරුම් කම තේරුම් ගන්න පටන් ගත්තා. මේ නිසයි ඔවුන් එය extend කරන්න පටන් ගත්තේ. මෙහෙම කරන්න හේතුව වුනේ windows කට්ටියගේ දුරකථන ආදායම සිතුව තරම් හොඳ මට්ටමක නොපැවතීම. Microsoft ආයතනයට Windows 10 licence විකුණගන්න ලැබුනේ මිලියන 200ක් වගේ ප්‍රමාණයක් පමණයි මාස 15ක් අවසානයේදීත්. නමුත් ඔවුන්ගෙන් ලැබුණු සයිබර් ආරක්ෂාව, ඒ වගේම updates වගේ දේවල් නිසා මිලියන 700ක් දක්වා windows 10 උපකරණ අලෙවිය වැඩි වුණා. මේ අලෙවි වූ උපකරණ අතරට PCs, tablets, phones, හා Xbox One consoles පවා ඇතුලත් වුණා.

ඔබට මතක ඇති පරණ පරිගණක සියල්ලම windows 10 සඳහා update කරගන්න කාලයක් ලැබුණා ඔබ සැමට. මේ කාලයේදී Windows 7 පරිගණක රාශියක් Windows 10 බවට හරවා ගත්තා. මේකෙදි කෙනෙක් අහන්න පුළුවන් කොහෙද Windows මේකෙන් ලාභයක් ලැබුවේ කියලා. Google Facebook තරම්ම advertisement මඟින් මුල්‍යමය ලාභය පස්සේ පන්නන්නේ නැති Microsoft නිතරම තමන් වටා ඉන්න පිරිස වැඩි කරගන්න විදිහ ගැන කල්පනා කළා. ඒමගින් ඔවුන්ට තමාගේ enterprise products තම පාරිභෝගිකයන්ට සමීප කිරීමේ හැකියාව ලැබෙනවා.

Net Market Share වෙබ් අඩවියේ 2018 දෙසැම්බර් මාසයේ Operating System Market Share එක පිලිබඳ වාර්තාව ඔබ දුටුවානම් ඔබට දැක ගන්න පුළුවන් Microsoft OS කොතරම් දුරට පැතිරිලා පවතිනවද යන බව. ඒ විස්තර ඔබට මෙතනින් බලාගන්න පුළුවන්. කෙසේ නමුත් Windows 7 36.9 ප්‍රතිශතයක් ලබද්දී අවසානයේදී Windows 10 වලට හැකි වුණා 39.22 ක ප්‍රතිශතයක් ලබමින් 7 ඉක්මවා යන්න සමත් වුණා. මේ ලබපු ජයග්‍රහණය Windows 10 තවත් සැහෙන කාලයකට ඉදිරියෙන් තබන විදිහේ පියවරක්.

සමහරවිට ඔබට ලොකු දැනුමක් නැතත් Windows XP පවා windows 7 වලට මාරු වෙන කාලය මේ වගේම කාලයක් වුණා. Microsoft සමගම ප්‍රකාශ කළා, තම පර්යේෂණයකින් තහවුරු වුනු බව Windows XP විසින් Windows 7 වලට වඩා සැහෙන වියදමක් නඩත්තු සඳහා වැය කෙරෙන බව. මෙමගින් Windows XP සිට හොඳ OS එකක් හොයපු සමාගම් වලට මගපෙන්වීමක් ලැබුනා Windows 7 සම්බන්ධව.

අපි බලමු ඔවුන්ගේ බිලියනයේ ඉලක්කය කෙසේද මේ කණ්ඩායම සාක්ෂාත් කරගන්නේ කියලා. නැවත හම්බුවෙමු…

Source:https://www.theverge.com/2019/1/2/18164916/microsoft-windows-10-market-share-passes-windows-7-statistics

Featured Image : https://www.howtogeek.com/225048/how-to-upgrade-from-windows-7-or-8-to-windows-10-right-now/

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY