කප්පම් ඉල්ලන WannaCry නිසා ඔබටත් හඬන්නට සිදුවුනොත්…?

කප්පම් ඉල්ලන WannaCry නිසා ඔබටත් හඬන්නට සිදුවුනොත්…?

2475
1
SHARE

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වෙන cyber attack එක ‘WannaCry’, මේ ගැන අසා නොමැති කෙනෙක් නැති තරම්. මේ malicious program එක අපගේ පරිගණකය lock කර, නැවත access ලබාගැනීමට කප්පම් ඉල්ලයි. British National Health Service (NHS) සහ තවත් දුරකථන සමාගමක් විත්තිකරුවන් විය.

මොකක්ද මේ WannaCry?

WannaCry කියන්නේ මුදල් කප්පම් ගැනීමේ අරමුණින් පරිගණකයට බලපාන ransomware එකක්. මෙහිදී සිදුවන්නේ අපගේ පරිගණකයේ තියෙන files ඔක්කොම encrypt කරලා තර්ජනය කරනවා කප්පම ගෙව්වොත් files වලට access දෙන්නම් කියලා.

මොන platform වලටද මේක බලපාන්නේ?

දැනටනම් මේ ransomware එක බලපාන්නේ windows platform වලට, මොවුන්ගේ  ප්‍රධානතම ඉලක්ක වන්නේ තවමත් windows XP පාවිච්චි කරන විශාල සමාගම්ය. WannaCry යොදාගන්නවා windows platform වලට රිංගා අයුතු ප්‍රයෝජන ගන්න, තවද මෙය U.S. National Security Agency (NSA) යෙන් සොරාගත් එකක් බවට හෙළිවිය. වර්තමානයේ ඇති platform සදහා patch එකක් නිර්මාණය  නමුත් අවසනාවට XP සදහා මෙය වලංගු නැත.

මෙම link එකෙන් patch update එක ලබා හැක.

කොච්චර භයානක attack එකක්ද?

දැනටමත් organization  10,000 සහ 200,000 ආසන්න සාමාන්‍ය ජනතාවට රටවල් 150කට වැඩි ප්‍රමාණයකට යුරෝපා අධිකාරීන්ට අනුව මෙය බලපා ඇත.

කප්පම් මුදල?

දැනට $300ක් කප්පමක් Bitcoin විදියට ගන්නවා.

කොහොමද මේක infect වෙන්නේ?

මේ ransomware එකට පසුබිම් වෙනවා කියලා විශ්වාස කරන්නේ ඇමෙරිකානු ආරක්ෂණ සේවාවකින් ක්‍රියාත්මක වුනු EternalBlue program එක අනවශ්‍ය පාර්ශවයන් සතු වු නිසා  කියලයි.

මේක මෙච්චර ඉක්මනින් පැතිරීමට හේතු වුනු සාදකයක් තමා පොදුවේ තිබෙන SMBv1 (Server Message Block Version 1). මේක  application level එකේ තියෙන protocol එකක් files සහ printers share කරන networked environment එකක් නිසා හොදම දේ නොදන්නා links click නොකර ඉන්න එක තමයි! මොකද මේක ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි!

හසු වුවහොත් ඔබ කප්පම ගෙවන්න ඕනද?

කොහෙත්ම එපා! මොකද මේගොල්ලෝ අපරාධකාරයෝ බින්දුවක්වත් විශ්වාස කරන්න බෑ මොකද සමහර විට අපි ගෙව්වයින් පස්සේ ආයෙමත් තව ගානක් ගෙවන්න කියයි! අවසානයේදී සාක්කු හිස් වෙනවා විතරයි.

මම අවධානමට යටත්ද?

කණගාටුවෙන් වුවද කියන්න වෙනවා  අපි හැමෝම ඒ අවදානමේ ඉන්නවා මොකද අපි හැමෝම internet පාවිච්චි කරන නිසා. කෙසේ නමුත් Microsoft කියා සිටිනවා Windows 10 users ලට බිය නොවිය යුතු බව මන්ද defender update එකත් සමග ඔවුන් ආරක්‍ෂිත බව.

කොහොමද මන් මගේ files නැවත ලබන්නේ?

දැනට නම් කිසිම ආකාරයින් files ලබාගැනීමට ක්‍රමවේදයක් නෑ හොදම දේ තම backup එකක් තියාගන්න එක.

Microsoft සමාගමේ සහයෝගය?

ඔව්. අනිවාර්යයෙන්ම එය Microsoft සමාගමේ ප්‍රශ්නයක් නොවුනත්! මතක් කරනවා කව්රු හෝ සිටීනම් windows os එක use කරන ඉක්මනට patch එක install කරගන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY