Smartphone අතර සුරක්ෂිතම OS එක Windows

Smartphone අතර සුරක්ෂිතම OS එක Windows

3388
1
SHARE

අඩු අලෙවිය, ඒකාකාරී බව, අවශ්‍ය appsවල හිඟය සහ ප්‍රසිද්ධ විශේෂාංග අවමවීම වැනි චෝදනා Windows Phone වෙත නිතරම එල්ලවන නමුත් සුරක්ෂිතතාව(Security) පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල නොවේ.

වසර 15ක අත්දැකීම් ඇති hacker කෙනෙක් සහ security expert කෙනෙක් වන Steve Lordට අනුව සුරක්ෂිතතාව අනුව වඩාත්ම ජනප්‍රිය OS එක වන්නේ Windows Phoneය. තවදුරටත් ඔහු පවසා සිටියේ වර්තමානයේ අනවසරෙන් ඇතුල්වීමට අපහසුම දුරකතන Windows Phone බවත්, Blackberry ද අතීතයේ සිටම සුරක්ෂිත බවත්ය. තවද භෞතිකව(physically), ජාලය(network) මගින් සහ e-mail හෝ message මගින් දුරකතනයකට ඇතුල්වීමට පහසුම OS පිළිවෙලින් Android, iOS සහ Blackberryහි පෙර පැවති OS version එක ලෙස ඔහු සඳහන් කර සිටියේය.

Microsoft සමාගමට අනුව Windows 10 Mobile යනු මෙතෙක් නිපදවන ඔවුන්ගේ සුරක්ෂිතම නිෂ්පාදනය විය හැක. තවද Lord මහතාට අනුව පැරණි smartphone වලට අනුව පැරණි BB10 අඩංගු Blackberry දුරකතන සහ Windows Phone 8 හා ඊට ඉහල version සහිත Windows Phone භාවිතය සුරක්ෂිත වේ.

ඒ අනුව පෙනී යන්නේ Windows Phone සතු අඩු වෙළඳපොල ප්‍රතිශතය හේතුවෙන් Microsoft සමාගමට තම දුරකතනවල සුරක්ෂිතතාව ඉහල නැංවීමට බොහෝ ඉඩකඩ උදාවී ඇති බවයි. තවද iPhone වැනි මිල අධික දුරකතන භාවිතා කොට පෞද්ගලිකත්වය පිළිබඳ විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවනවාට වඩා අඩු මිලකට වඩා සුරක්ෂිත Windows Phone මිලදී ගැනීම වඩා උචිත නොවන්නේද…

Comments

comments

1 COMMENT

LEAVE A REPLY