Microsoft සමාගමේ අළුත්ම මෙහෙයුම් පද්ධතිය, Windows 10 Cloud

Microsoft සමාගමේ අළුත්ම මෙහෙයුම් පද්ධතිය, Windows 10 Cloud

2311
0
SHARE

Microsoft පාරිභෝගිකයින්ට තවත් සුභ ආරංචියක් තමයි දැන් අපි කියන්න යන්නේ. ඒ තමයි Windows 10 Cloud නමින් අළුත්ම මෙහෙයුම් පද්ධතියක් (OS) නුදුරේදීම ඔබ අතට පත් වීමට නියමිතව තිබීම. මේක ඇත්තටම ඔබේ PC එකේ ක්‍රියා කරන්නෙ Windows 10 OS එකක් වගේමයි. වෙනසකට තියෙන්නෙ Windows Store එකෙන් download කරපු apps පමණක් ඒ තුළ භාවිතයට ගත හැකි වීමයි.

ඇත්තටම මේක Windows 8 භාවිතා වුනු යුගයේ ARM processors සහිත devices වල ක්‍රියා කරන්න හදපු නමුත් අසාර්ථක වුනු Windows RT OS එක වගේ නේද කියල ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ අළුත්ම OS එක ඊට වඩා තරමක් වෙනස්. එහෙම වෙන්නෙ Windows 10 Cloud එකේ ඉඳන් Windows full version එකට upgrade වෙන්න තියෙන හැකියාව නිසයි.

Petri කියන වෙබ් අඩවියේ වාර්ථාවක දක්වා තිබෙන්නෙ Windows RT ට වඩා Windows 10 Cloud හි පවතින වැදගත්ම වෙනස යම් ගෙවීමක් යටතේ සිදුවන මෙම upgrade කිරීමේ හැකියාව බවයි. Windows 10 Cloud එක, Bing කියන සෙවුම් යන්ත්‍රය ඇතුලත් Windows 8.1 හා තරමක් සමාන වනවා. නමුත් දැන් Microsoft සමාගම මෙය නොමිලේම OEM (Original Equipment Manufacturer) විදිහට නිදහස් කරන්නයි සූදානම් වන්නෙ. OEM කියන්නෙ වෙනත් ආයතනයක product එකක් තමන්ගේ brand name එකක් යටතේ resell කරන manufacturer ආයතනයකට. වාර්ථා වෙන ආකාරයට යම් ආයතනයකට Windows 10 Cloud එක නොමිලේම license කරන්න හැකියාව තිබුනත් user ට එහි Full Windows License එක අවශ්‍යය නම් ඔහු එය මිළදී ගත යුතු වෙනවා.

ඉතින් දැන් ඔයලටත් අවස්ථාව ලැබිල තියෙනවා මේ අළුත්ම Windows 10 Cloud එක අත් හදා බලන්න. ඔයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා.

source : Neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY