Windows phone වල පුංචි Console එක

Windows phone වල පුංචි Console එක

3482
0
SHARE

Windows desktop වල CMD වගේම හැම desktop OS එකකම console (Shell) එකක් තියනවානේ. ඉතින් ඒ වගේ console එකක් Windows phone වලටත් install කරල පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි MS – DOS Mobile. මේ app එක මගින් විවිධ command type කරල වැඩ කරගන්න පුළුවන්. තවමත් release වෙලා තියෙන්නේ version 1.0 එක විතරයි. මේ console එක මගින් කරන්න පුළුවන් සමහර දේවල් මේ ලිපිය හරහා ගෙනෙන්නට සූදානම්.

MS-DOS Mobile app එක මෙතනින් download කරගන්න.
Download කරල install කරගත්තු Console එක Open කරගත්තම C: directory එකට තමයි යන්නේ. එතන ඉදන් පොඩි පොඩි console එකේ වැඩ App එකෙන් කරගන්න පුළුවන්.

Console එකේ “camera” කියල type කරන්න. ඔබට ASCII, CGA,black and white mode වල camera එකක් ලැබේවි.

MSDOS_600_CAMERA-169x300“cls” command එකෙන් පෙර සියළු command මකා දැමිය හැක.
“color attr” command එකෙන් console එකේ background color එක වගේම foreground color එකත් වෙනස් කරගන්න පුළුවන්.
“phone select” command එකෙන් Lumia phone එකේ contact list එක open කරගන්න පුළුවන්.

“date” හෝ “time” command මගින් MS-DOS වල දැන් වෙළාව හෝ දිනය ලබාගන්න.
“dir” command මගින් ඔබ සිටින directory එකේ content පෙන්වාවි.
“email” , “sms” හෝ “phone” ලෙස type කර email යවන්න, sms යවන්න හෝ phone call එකක් ගන්න.
“exit” command එක මගින් console එකන් exit වෙන්න.
A: හෝ B: ලෙස type කල විට Floppy disk එකක් access කරන්නට try කරාවි. නමුත් it can’t find the drive ලෙස response එකක් ලැබේවි.

මේ යටතේ ඔබට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලැබෙනු ඇත. Windows phone වල hidden කර ඇති Action game එකක් වන Rock Paper Scissors IV XL: world championship edition නම් game එක ලැබේවි. මේ සදහා පලමුව “cd games” ලෙස type කරන්න. පසුව එම directory එකේ “cd rps” ලෙස type කරන්න. ඉන්පසුව “rps.exe” ලෙස type කරන්න. එවිට game එක configure කරගැනීමට Cortana සහය ලැබේවි.

MSDOS_600_RPS-169x300

“internet” command එක ඔබව Browser එක හරහා කෙලින්ම internet එකට සම්බන්ධ වේවි.
“maps” command එකෙන් Lumia maps open කල හැක.
“search” එක මගින් Cortana open කරගත හැක.
ඔබට MS-DOS එක upgrade කරන්නට වුවමනාද? “win” command එක type කරන්න. එවිට ඔබට Windows 3.1 menu screen එක දකින්නට ලැබේවි. එවිට තවත් බොහෝ දේ අත්විදීමට අවස්ථාව ලැබේවි.

MSDOS_600_WIN31-169x300“market” command එක ඔබට Windows phone App Store එක Open කර දේවි.
“ver” ලෙස type කර ඔබේ දැන් පාවිච්චි කරන MS-DOS Mobile version එක දැනගත හැක.

තවද ඔබට “help” command එක enter කර Console command පිලිබද විස්තරයක් ලබාගත හැකියි.
ඉතින් windowsgeek අපි ඔබට ආරාධනා කරනවා ඔබත් මේ අත්දැකීම විදින්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY