Mixed Reality වල 2018 හි නව ප්‍රවණතා බලමු

Mixed Reality වල 2018 හි නව ප්‍රවණතා බලමු

2243
0
SHARE

Windows geek අපිත් එක්ක වසරක් ඇතුලත එකතු වුනු පරිශීලකයෙක්නම් ඔබ, ඔබ අනිවාර්යයෙන්ම අපි මීට කලින් ලියපු Windows Mixed Reality Headset ලිපිය කියවන්න ඇති. කියවපු නැති අපේ ආදරණිය සගයන්ට මේ ලින්කුව click කරලා මේ ලිපිය කියවන්න පුළුවන්. අපි මේ ලිපියේ දක්වලා තියෙනවා, මොකක්ද මේ කියන දේ!

2018ත් එක්කම අලුත් වුනු හුගක් මෘදුකාංග, දෘඩාංග වගේම මේ Mixed Reality සංකල්පයත් සැහෙන්න අලුත් වෙලා තියෙනවා.

Windows Mixed Reality Controller Tracking 

ඔබට මේ අත්දැකීම විදින්න කරන්න තියෙන්නේ ඔබගේ headset එක on කරලා motion controllers, power on කරන්න විතරයි. මේවට පිටතින් සවිවුණු sensors දකින්න ලැබෙන්නේ නැහැ. අපි කලින් ලිපියේදී ඔබට කීවා මතක ඇති ආලෝකය වැඩි කාමරයකදී ඔබට සාර්ථක ප්‍රතිපල ලබා ගන්නට නොහැකි බව. නමුත් මේ වනවිට මෙය ඔවුන් සෑහෙන්න නිවැරදි කර අවසන්. ඔබ සිටින කාමරය දීප්තිමත් සහ කාමරය තුල ආලෝකය පරාවර්තනය කරන උපාංග කිහිපයක් තිබෙනවානම් ඔබට සුළු drift වීමක් දකින්නට පුළුවන්. ඔබ සිටින්නේ ක්‍රීඩාවක නම් drift වීමක් ඔබව මරණයක් කරා වුවත් රැගෙන යන්න පුළුවන්.

මෙහි මේ headset එක තුල තිබෙනවා මෙය ක්‍රියාකිරීමට අදාල වන sensors.  මේ sensors විසින් විශේෂ කාර්යක් කරනවා ඇස, motion controller එක හා සමපාතව තබා ගැනීමට.

Windows Mixed Reality and Social Cliff House 

Oculus VR කියන්නේ Virtual Reality Industry එකේ ඉදිරියෙන්ම ඉන්න ආයතනයක්. මොවුන් 2012 වසරේදී වෙළදපොලට ගෙන එනවා, Rift නමැති Virtual Reality Headset එක. මේ Headset එක මොවුන් නිර්මාණය කරන්නෙම gaming වලට. අද වෙනකොට වෙලදපොලේ පවතින Rift Core 2.0 ඒ කියන්නේ Oculus Software එකේ beta update එක, customize කරන්න පුළුවන් home area එකකින් සමන්විත වෙනවා.

Windows Mixed Reality වල මේ හා ආසන්නයෙන්ම යන උපාංගයක් පවතිනවා. මේක Cliff House නමින් හදුන්වනවා. දැනට මේ නිවස personal space එකක් විදියටයි පවතින්නේ. ඒ කියන්නේ සමාජීය වශයෙන් තවමත් මේක implementing level එක තුල තමයි පවතින්නේ. මේක implement වුනාට පස්සේ ඔබට ඔබේ මිතුරන් සමග වුනත් ඔබේ personal space එක share කරගන්න පුළුවන්.

2017දී Microsoft ආයතනය විසින් මිලට ගනු ලැබුවා, AltspaceVR නම් වූ Virtual Reality Platform එක.

මේ හරහා ඔබට තේරුම් ගන්න පුළුවන් Windows කට්ටිය මීලගට තබන පියවර කුමක්ද කියන දේ. ඔබ කැමතිම පිරිසත් එක්ක VR ලෝකයක රැදිලා ඉන්නවා කියන්නෙත් බොහොම සතුට ගෙනෙන කරුණක්.

මේ විදිහටම VR අත්දැකීම් ලබාදුන්න app එකක් විදිහට RecRoom හදුන්වන පුළුවන්. මේකත් හුදෙක්ම විනෝදය තකා ගොඩනැගුනු app එකක්. මේකේ ඔබට avatar එකක් ගොඩනගාගෙන විනෝද වෙන්න පුළුවන්.

Windows Mixed Reality Wants Wireless Headsets 

2018 වසර Wireless VR වල වසර ලෙස දක්වන්න පුළුවන් කරුණු ගණනාවක් මේ වන විට පවතිනවා. ඔබට $300 වැනි මුදලකට මිලට ගන්න පුළුවන් HTC Vive TPCast wireless adapter සහ Oculus Rift version යන උපාංග. මේවා ලෝකයට VR වලින් නවතම වූ වෙනස්ම ආරක අත්දැකීම් ලබාදෙනවා නිසැකයි.

Source:https://www.windowscentral.com/windows-mixed-reality-2018-features

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY