Google ගිණුම සමඟ Cortana sync කිරීම

Google ගිණුම සමඟ Cortana sync කිරීම

2389
0
SHARE

Microsoft සමාගම විසින් ඔවුන්ගේ පරිශීලකයින්ට සුවිශේෂී විශේෂාංගයක් ලබා දී තිබෙනවා. ඒ තමයි පරිශීලකයන්ට ඔවුන්ගේ google ගිණුම් Cortana සමග සම්බන්ධ කිරීමට ඉඩ සලසා තිබීම. මේ මොහොත වන විට මෙම විශේෂාංගය Windows 10 සමග පමණක් ක්‍රියාත්මක වුවත් එය iOS සහ Android සමග ක්‍රියාකාරිත්වය ද ඉතා ඉක්මනින් සලසන බව තමයි ප්‍රකාශ වෙන්නේ. මෙමගින් ඔබට ඔබගේ email, calendar වැනි google සේවාවන් වෙත Cortana භාවිතයෙන් ක්ෂණිකව ප්‍රවේශ වීමට ඉඩ ලබා දේ.

මෙලෙස ඔබගේ Google ගිණුම සම්බන්ධ කරගත් පසු, Cortana සමඟ Gmail හි ඊමේල් පිරික්සන්න සහ ඔබගේ Google දින දර්ශනය කළමනාකරණය කරන්න ඔබට හැකියාව ලැබේ. බොහෝ මෙහෙයුම් සඳහා හඬ විධාන පවා භාවිතා කිරීමට හැකි වීම ඔබට විශාල පහසුවක් වේවි.
Google සහ Cortana sync කිරීමට පහත පියවර අනුගමනය කරන්න.

1. Cortana Open කරන්න.
2. Notebook මත click කරන්න.
3. Connected Services තෝරන්න.
4. Add a Service තෝරන්න.
5. List එකේ ඇති Gmail මත Click කරන්න.

6. ඊළඟ පිටුවේ ඇති  Connect button එක මත Click කරන්න.

7. Google ගිණුමේ Username සහ Password ඇතුලත් කරන්න.

Cortana වෙතින් Google ගිණුමක් විසන්ධි කරන්නේ කෙසේද?

ඔබගේ Google ගිණුම Cortana වෙතින් ඉවත් කිරීමට පහත පියවර අනුගමනය කරන්න.
1. Cortana විවෘත කර Notebook> Connected Services> Add a Service ලෙස තෝරන්න.
2. ලැයිස්තුවේ Gmail මත ක්ලික් කරන්න.
3. ඊළඟ පිටුවෙහි Unlink බොත්තම මත ක්ලික් කරන්න.

තවත් ලිපියකින් හමුවෙමු.

Source: https://www.neowin.net/news/cortana-can-now-sync-with-your-google-account

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY