Office 2019 එනකන් බලා සිටි ඔබට

Office 2019 එනකන් බලා සිටි ඔබට

2004
0
SHARE

Office 2019 කියන්නේ Microsoft ආයතනය ලබන වසර සඳහා නිකුත් කරනු ලබන office package එකයි. Office Package එක තුල අන්තර්ගත වෙන software මොනවද කියන දේ ගැන ඔබ දැනුවත්ද? Microsoft Word, Microsoft  Excel, Microsoft PowerPoint, Microsoft Outlook, Microsoft Project, Microsoft Visio, Microsoft Access, and Microsoft Publisher කියන software තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ.

Office 2019 මිලගණන් ගැන කතා කරනවානම් මේ packages ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වෙනවා. මේ packages 3 තමයි, Office Home & Business 2019, Office 365 Business හා Office 365 Business Premium කියන්නේ. මේවගේ මිල ගණන් ඔබ වෙත දක්වනවානම් මෙහි Office Home & Business package එක එක වරම ඔබට මිලදී ගන්න පුළුවන් $249.99 මුදලකට. Office 365Business package එකම $8.25 user/ month, ඒ කියන්නේ මාසයකට $8.25 ක් වගේ සුළු මුදලකට. Office 365Business Premium package එක කලින් package දෙකටම වැඩිය සෑහෙන advanced features ගණනාවකින් යුක්ත වෙනවා වගේම $12.50 වගේ මුදලක් මාසයකට ගෙවීමෙන් ඔබට මේ package එක පාවිච්චි කරන්න පුළුවන්. 

ඒ වගේමයි මේ packages වල අන්තර්ගතය වෙනස්. ඔබ පාවිච්චි කරන්නේ Office Home & Business package එකනම් ඔබට Fully-installed versions of Outlook, Word, Excel, PowerPoint, OneNote for Windows or Mac ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අනිකුත් packages දෙකත් සමඟම Access and Publisher ලබා ගැනීමේ හැකියාව පවතිනවා. Office Business packages දෙකම ඔබට යම් කාලයක් trail එකක් විදිහට භාවිත කරලා බලන්න පුළුවන්. ඔබට 2019 Outlook experience එක ලබා ගැනීමට අවශ්‍යනම් ඔබ අනිවාර්යයෙන්ම Business Premium package එක වෙත යොමු වෙන්න ඕනේ.

Microsoft කියන විදිහට 2019 office, one-time release එකක්, ඒ කියන්නේ නැවත නැවත updates එවන්න ඔවුන් බලාපොරොත්තු වන්නේ නැහැ. Powerpoint 2019 ගැන ඔබ නොදත් දෙයක් කියන්නම්, ඒ තමයි ඔබට cinematic presentations නිර්මාණය කරන්න පුළුවන් Morph and Zoom වගේ අලුත් features එක්ක.

ඒ වගේමයි excel සතු වුනු analytical ability එක තවත් sharp කරලා තියෙනවා 2019 Office package එක තුල. ඒ වගේමයි කියන්නට ඕන මේ අලුත්ම features එක්ක ඔබට දැන් හැකියාව තියෙනවා office 2019 මිලට ගන්නට.

ඒ වගේමයි යම් පාරිභෝගිකයෙක් cloud තාක්ෂණය ගැන දන්නේ නැතිනම් හෝ එය වෙනුවටත් office 2019 පහසුකම් සලසලා අවසානයි. මම කීව packages ගන්න කෙනෙක් උනන්දුවක් දක්වනවානම් මෙතනින් විස්තර දැන ගන්න පුළුවන්. මේ ප්‍රවෘත්තිය ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති කෙනෙක්ට Microsoft blog එකට යොමු වෙන්න පුළුවන් මෙතනින්.

නැවත හමුවෙමු…

Source: https://www.zdnet.com/article/microsoft-starts-rolling-out-office-2019-for-windows-and-mac/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY