Office 365 සමඟ එන අලුත්ම Features – දෙවන කොටස

Office 365 සමඟ එන අලුත්ම Features – දෙවන කොටස

4244
1
SHARE

අපි ගියවර ලිපිය සමඟ Office 365 සමඟ එන අලුත්ම Features කිහිපයක් ගැන කරුණු විමසා බැලුවා.අද ලිපිය සමඟ තවත් එවැනිම කරුණු කාරණා ගැන සොයා බලමු.

4).Turning OneNote items into Outlook calendar events

මෙහිදී සිදු වෙන්නෙ OneNote හරහා ඔබ තබා ගන්නා notes ඔබේ දින දර්ශනය සමඟ tasks බවට පරිවර්තනය වෙලා ඒවයේ reminders සහ deadlines ඔබට පෙන්වීමයි.ඒ වාගේම මෙහිදී අපිට තවත් එක් වැදගත් කරුණක් දෙසට අවධානය යොමු කරන්න පුළුවන්. OneNote හරහා සකසන ලද ඔබේ සමාගම් වාර්තා වැනි දේ email හරහා send කරන්න පුළුවන් වගේම එයට අදාළ තොරතුරු ඒ කියන්නෙ දිනය, වේලාව, ස්ථානය ආදී දේවල් automatically එයට add කිරීමේ හැකියාවත් තිබෙනවා.දින වකවානු හරි හැටියට මතක තබා ගන්න අපි හැමෝටම අපහසුයි.ඉතින් මේ අලුත්ම feature එක අපිට අපේ වැඩ පහසු කරන්න ලොකු උදව්වක් බව නම් නොරහසක්.

5). Power Map in Excel: Turning data into a map

Power map එකක් කියන්නෙ Excel වල දි භාවිතා වන powerful and Interactive විදියට දත්ත නිරූපණය කරන්න පුළුවන් feature එකක්. මෙමඟින් Power BI හි තත්ත්වය වැඩි දියුණු කරන්න විසඳුමක් විදියට දත්ත සූක්ෂම ලෙස analyze කරන්න, visualize කරන්න සහ share කරන්න පුළුවන්. මෙහිදී ඔබට පුළුවන් power map එකත් සමඟ දත්ත 3D Interactive map එකක් බවට පත් කරන්න.මේ අවස්ථාවේදී data filter වෙන ක්‍රම තුනක් තිබෙනවා.ඒවා තමයි List, Range සහ ability කියන්නෙ. මේ feature එකත් ඔබේ business වැඩ වලදි ඔබට ප්‍රයෝජනවත්
වේවි.

6).50GB of email storage

මෙහිදී සෑම user කෙනෙක්ටම 50 GB Storage එකක්  ලැබෙනවා.එයින් ඔබට පුළුවන් email,calender, tasks,notes,contacts සහ attachments online හරහා හුවමාරු කරගන්න.ඒ වාගේම ඔබට පුළුවන් ඔබේ mailbox එකේ space එක අඩු කර ගන්න, ඔබට ලැබෙන attachments, OneDrive cloud storage එකට share කිරීමෙන්.

7). Working offline and uploading changes later

ඔබේ OneDrive Storage එක හැම මොහොතකම ඔබේ device එක සමඟ එකට බැඳිලා තියෙන්නෙ.ඒ නිසා ඔබට පුළුවන් ඔබට අදාළ file එක තෝරාගෙන අන්තර්ජාලය සමඟ සම්බන්ධ නොවී වුණත් වැඩ කරන්න. එහිදී ඔබ කරන සියලුම වෙනස්කම් New version එකක් විදියට save වෙලා ඔබ නැවත අන්තර්ජාලය සමඟ connect වෙද්දි එය auto upload වෙනවා ඔබේ storage එකට. ඔබේ device එක සමඟ connect වෙලා තිබෙන සියළුම devices වලටත් share වෙනවා.මෙය ඔබේ වැඩකටයුතු කාර්යක්ෂම කිරීමට හේතු නොවන්නේද?

මේ විදියට අපි කතා කරේ Office 365 සමඟ එන අලුත්ම Features.මේ පිළිබඳව ඔබ අපි දැනුවත් නම් ඉතා පහසුවෙන් අපේ වැඩකටයුතු කර ගන්න හැකියාවක් තියන බව සත්‍යයක්. මේ වගේම අපි හරිහැටි නොදන්නඒත් භාවිතයට පහසු අලුත් වෙනසක් එක්ක ළඟදීම මුණගැසෙමු.

Source: www.sherweb.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY