Office/emoji keys එක්ක අලුත්වෙන Microsoft keyboards

Office/emoji keys එක්ක අලුත්වෙන Microsoft keyboards

2976
0
SHARE

Microsoft ආයතනය මේ වෙද්දී එයාලගේ අලුත්ම keyboard එක නිකුත් කරන්න සුදානම් වෙනවා.පහුගිය කාලය තුල Microsoft ආයතනය විවිධ අත්හදාබැලීම් කරා එයාලගේ keyboard වලට office key එකක් එකතු කරන එක ගැන.ඒ වගේම මේ වෙද්දී එයාලා ඒ keyboard එක වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා.ඒක පාරිභෝගිකයාගේ පහසුව වෙනුවෙන්ම නිපදවුණු Bluetooth keyboard එකක්.හැබැයි මේකේදී මෙයාලා office key එකේ ස්ථානය වෙන්කරලා තියෙනවා emoji key එක වෙනුවෙන්.ඒ වගේම office key එකට Windows key එකට ආසන්නයෙන් ස්ථානයක් දෙන්නත් මෙයාලා කටයුතු කරලා තියෙනවා.Office key එක ගැන කියනවනම් Microsoft office tools සඳහා shortcut එකක් විදිහට තමා මේ key එක භාවිතා කරලා තියෙන්නේ.(උදා:- Microsoft Word සඳහා Office key + W ද Excel සඳහා Office key + X ද භාවිතා කරන්න පුළුවන්.)


ඒ වගේම emoji key එක ගැන කථා කරනකොට එයාලා මේක භාවිතා කරලා තියෙන්නේ Windows 10 සඳහා emoji picker එකක් විදිහට.මොනාවුනත් මේ key එක සඳහා විශේෂ emoji එකක් පාවිච්චි කරන එක,ඒවගේම මේ key එක හරහා shortcut නිර්මාණය වගේ පහසුකම් ලබාදීලා නෑ කියලයි ආරංචි වෙන්නේ.Microsoft යතුරු පුවරුවක emoji key එකක් යෙදීම අසාමාන්‍ය බවයි ගොඩක් අයගේ අදහස වුනේ.නමුත් ඒ වෙනුවට Microsoft ආයතනය පෙන්වාදුන්නේ තමන්ගේ එදිනෙදා ව්‍යාපාර සඳහා emoji භාවිතා කරන කාර්යාල වැඩිවෙමින් පවතින අතර ඔවුන්ට මෙම emoji key එක ඉතා ප්‍රයෝජනවත් වෙන ආකාරයි.

තමන්ගේ keyboards සඳහා අලුතෙන්ම එකතුවුන office/emoji keys , වෙනත් keyboard නිර්මාණකරුවන්හට භාවිතා කරන්න පුලුවන්ද නැද්ද කියලා Microsoft ආයතනය තවමත් සහතික කරලා නෑ.ඕනෑම keyboard එකක් සඳහා Windows key එක භාවිතා කිරීමේ බලපත්‍රයක් Microsoft ආයතනය විසින් keyboards නිපදවන්නන්හට ලබාදීලා තියෙනවා.නමුත් office/emoji keys සඳහා මේ ආකාරයේ බලපත්‍රයක් නිකුත් කරන්න සුදානම්ද නැද්ද කියලා තවමත් Microsoft ආයතනය ප්‍රකාශ කරලා නෑ.


මේ keyboard එක එළිදැක්වුණේ පසුගිය සතියේ පැවැත්වුන Microsoft Surface hardware event එකේදීයි.ඔක්තෝම්බර් 15 වෙනිදා ඉදන් වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන් මේ keyboard එකේ මිල $59.99ක්.භාවිතයේදී පහසුව සඳහා fabric palm rest එකක්ද pc සමඟ සම්බන්දතවයට USB port එකක්ද අඩංගු වෙනවා.මේ ආකාරයෙන්ම bluetooth keyboard එකක් නිපදවනත් Microsoft ආයතනය සමත් වෙලා තියෙනවා.ඒ සඳහා වෙළඳපොල මිල $49.99ක් කියලයි සඳහන් වෙන්නේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY