Microsoft Office 2019 package එකෙන් ඉවත්වෙන One Note

Microsoft Office 2019 package එකෙන් ඉවත්වෙන One Note

1877
0
SHARE

අපි හැමෝම දන්න විදියට Microsoft Office package එක software කීපයක් එකතු කරලයි හදල තියෙන්නේ. ඉතිං මේ One Note කියන්නෙත් ඒ මෘදුකාංග ගොන්නෙන් එකක්. One Note හදල තියෙන්නේ අපිට අවශ්‍ය සටහන් ක්‍රමවත් ආකාරයකට සකස් කරගැනීමට අවස්ථාව ලබා දෙන අරමුණින්. 2015 වසරේ සිට මෙතෙක් කල් නිකුත් වුණ Microsoft Office පැකේජ වල මේ මෘදුකාංගය අන්තර්ගත වෙලා තිබුණා.

මේ software එක ලබා දෙන අතරම පසු කාලයේදී මේ One Note වල UWP version එකක් හඳුන්වා දෙන්නත් Microsoft ආයතනය කටයුතු කරා. UWP කියන්නේ Universal Windows Platform කියන application හෙවත් Windows මෙහෙයුම් පද්ධතිය තුළ install කළ හැකි මෘදුකාංග වලට. ඒත් ඒ අවස්ථාව හිමි වුණේ Windows 10 insidersලාට පමණයි. තවදුරටත් Microsoft Office 2016 සංස්කරණයට අළුත් features එකතු නොකරන බවත් Microsoft Office 2019 සංස්කරණයේ One Note අඩංගු නොවෙන බවත් මේ මෑතකදී ප්‍රකාශයට පත් කෙරුණා. ඒත් Office 2016 සඳහා තවදුරටත් වැඩි දියුණු කිරීම් හා දෝෂ නිවැරදි කිරීම් (Bug fixes) යන සේවාවන් 2020 වසර අවසන් වන තුරු සපයන බව Microsoft ආයතනය තහවුරු කරල තියෙනවා. මේ වෙනුවට අළුතින් කරලියට පැමිණෙන One Note for Windows 10 කියන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහාම විශේෂයෙන් සැකසෙන මෘදුකාංගයක්. මේක OS එකත් එක්කම inbuilt එන software එකක් බවට පත් කරන්නයි Microsoft ආයතනය සූදානම් වෙන්නේ.

Microsoftලා කියන විදියට නම් මේ අළුත් version එක දැනට නිකුත් වුණ හොඳම සංස්කරණය වෙන්න පුළුවන්. වැඩි දියුණු කළ Cortana මගින් සටහන් ලිවීමේ හැකියාව, ink-to-text feature එක, syncing පහසුකම වැනි දේ මේ නිෂ්පාදනය ඉතා ඉක්මනින් usersලා අතරට යාමට ඉවහල් වේවි. මීට අමතරව මේ අළුත් Desktop version එකත් එක්ක එන features මොනවද කියලා බලමු.

  • Tags භාවිතයෙන් සටහන් සෙවීමේ හැකියාව

  • සටහන් සංස්කරණය කිරීමේ හැකියාව

  • Additional Class Notebook feature එක

ඉතිං ඉදිරියේදී Windows 10 සඳහා නිකුත් වෙන මේ අළුත් One Note සඟයාව ඇසුරු කිරීමේ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඔයාලටත් පුළුවන්. මෙය සියළු Windows 10 භාවිතා කරන්නන් හට වෙනස් අත්දැකීමක් වෙයි.

Source:https://www.neowin.net/news/microsoft-wont-include-desktop-onenote-in-office-2019-uwp-app-recommended-instead

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY