Microsoft සමාගම විසින් පසුගිය මාසයේ Windows 10 Mobile build 10586 නිකුත් කල පුවත, Windows Geek සමග නිරතුරුවම රැඳී සිටින ඔබට නොරහසකි. මේ වන විට බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ එය Windows 10 Mobile නිල වශයෙන් පාරිභෝගිකයන් වෙත නිකුත් වීමට පෙර නිකුත් කරන ලද අවසාන build එක බවයි. එයට හේතුව වන්නේ පරිගණක සඳහා නිකුත් වූ Windows 10 build 10586, Windows 10හි Fall Update එක සඳහා වූ RTM build එකක් වීමයි. ඒ අනුව build 10586 මගින් ආසන්න වශයෙන් සම්පූර්ණ වූ Windows 10 Mobileහි අත්දැකීම ලබාගැනීමට හැකියාව ලැබේ.
Microsoft සමාගම තවමත් Insidersලා වෙත නිකුත් කොට නොමැති වුවත්, සමහර භාවිත කරන්නන් Twitterහි build 10586 සඳහා PC emulator එකක් පල කර ඇත. එමගින් ඔබේ පරිගණකයේ සිටම build එක test කිරීම මෙන්ම Windows 10 Mobile නිල වශයෙන් නිකුත් කිරීමේදී එහි ස්වරූපයද දැක බලාගැනීමට හැකියාව ලැබේ.
Final bit, 10586 Mobile Emulator https://t.co/0VPZWT6aEB
— Core (@tfwboredom) November 10, 2015
Fast Ring සඳහා නිකුත් වූ build 10581 මෙන් build 10586හි නව විශේෂාංග නොවුවද, Microsoftහි ඉංජිනේරුවන් විසින් සාර්ථක නිමැයුමක් නිකුත් කිරීම සඳහා අවසන් වැඩිදියුණු කිරීම් සහ දෝෂ නිරවද්‍ය කිරීම් වෙත අවධානය යොමු කොට ඇති නිසා එවැන්නක් අපේක්ෂා කල හැක.
අප මින් පෙර වාර්තා කල පරිදි, Microsoftහි ප්‍රකාශකයෙක් පවසා සිටියේ මෙම වසරේ දෙසැම්බර් මස Windows 10 Mobile නිකුත් කිරීමට නියමිත බවයි. එහෙත් Insidersලා වෙත test කිරීම සඳහා RTM build එකක් ඊට පෙර හිමිවනු ඇත.
WinBeta අනුග්‍රහයෙනි.
[…] Windows 10 Mobile build 10586 සඳහා PC Emulator එකක් නිකුත් වෙයි […]