Popcorn Time : කරදරයක් නැතුව free එකේ TV series, Movies බලමු

Popcorn Time : කරදරයක් නැතුව free එකේ TV series, Movies බලමු

3397
0
SHARE

සාමාන්‍යයෙන් ඔබ movie එකක් හෝ TV series  එකක් බලන්නේ torrent එකක් download කරගෙන. ඒ විදියට movie එකක් TV series එකක් බලන ඔබට torrent sites ගනනාවක කාලය වැයකරමින් හොදම torrent එකක් මොකක්ද කියලා හොයාගන්නට වෙනවා… ඇතැම් විට ඔබට හමුවන torrent එක qulity එකෙන් අඩු එකක් වන්නටත් පුලුවන්. ඉතින් torrent sites ගානේ රස්තියාදුවෙවී torrent හොයන එකට විසදුමක් ලෙස තමයි මේ Popcorn Time App එක තියෙන්නේ.

popcorntime-4

ඇප්ලිකේෂන් එක භාවිත කරන ඔබට අලුතින්ම එන Movie එක හෝ TV series එකක් ඉතා පහසුවෙන් නැරඹීමට අවස්ථාව ලබාදෙනවා. ඒ මෙහි ඇති අතුරු මුහුණත නිසා කීවොත් නිවැරදී. මෙහිදී අපට අවශ්‍ය Movie එකේ qulity එක 1020P හෝ 720P යන ඕනෑම ආකාරයකින් නැරඹීමට අවස්ථාව ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි 3D සඳහාද මෙහි පහසුකම තිබෙනවා. ඔබ විසින් තෝරාගණුලැබූ යම්කිසි Movie එකක් Popcorn time app එක හරහා කෙලින්ම නරඹන අතරතුර, අපේ PC එකටත් Download කරනව.  මේක ගොඩක් වැදගත් වේවි ඔබ Movies මිතුරන් අතරේ බෙදාගන්නවානම්. තවද English subtitle පහසුකම්ද මේ ඔත්සේ ලැබෙනවා.  ඔබට වේගවත් internet connection එකක් තියනවානම් කෙලින්ම Torrent එක download වෙන අතරෙම Movie එක ඔයාලට බලන්නට පුලුවනි. Torrent වල වගේ full download වෙනකන් ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ.

මෙහි එන TV shows වල දැනට ඉතා ප්‍රසිද්ධ සියලුම TV Shows පාහෙම බලන්න පුලුවන්.

ඔබ ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS දුරකතන භාවිතා කරන අයෙක් නම් ඔබේ phone එකට මේ ඇප් එක download කරගන්නටද  හැකියාව තිබෙනවා.

මෙතනින් Download කරගන්න

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY