Power BI දැන් Windows 10 Mobile App එකක් ලෙස

Power BI දැන් Windows 10 Mobile App එකක් ලෙස

2707
1
SHARE

Power BI කියන්නෙ ව්‍යාපාරික දත්ත බොහොම පහසුවෙන් හසුරුවන App එකක්. Office සමගත් එන මේ Power BI පිළිබද අලුත්ම තොරතුර තමයි මේ කියන්න යන්නේ. Microsoft විසින් හදුන්වා දුන් Power BI පහසුකම දැන් Windows 10 Phone සදහා Mobile App එකක් ලෙස එක්වී තියෙනවා. මෙමගින් බොහොම පහසුවෙන් දත්ත කළමණාකරණය හැකි වෙනවා වගේම touch සංවේදී mobile අත්දැකීමක් Users ලාට ලැබී තියෙනවා. මෙහි iOS සහ Android සංස්කරණයන් වල තිබූ පහසුකම්ද තවත් බොහෝ Windows 10 වලට ආවේනික පහසුකම්ද සමගින් Windows 10 mobile සදහා නිකුත් වී තිබෙනවා.

මේ අනුව නවතම Power BI App එක Windows 10 සදහා Pin to Start Option එකද අතුලත් කර තිබෙනවා. එමගින් ඔබේ Power BI dashboard එක Start menu එක තුල Pin කර තබා ඉක්මනින් සහ පහසුවෙන් එය වෙත පිවිසිය හැකි වෙනවා. Bookmark එකක් වගේ Pin කල dashboard එකේ කල දේ Continue කරන්නටත් ඔබට පුළුවන්.

4857.03

මෙහි ඇති තවත් සුවිශේෂී අංගයක් වෙන්නේ User විසින් දෙන ලද කාලයක් තුල refresh වෙමින් ස්වයංක්‍රීයව Up to Date වීමේ හැකියාවයි. මේ අලුත් Power BI App එක ක්‍රියාත්මක වීම සදහා ඔබගේ Windows 10 Phone එකේ අවම වශයෙන් 1GB RAM එකක් හා 8GB අභ්‍යන්තර මතකයක් පැවතිය යුතුයි.

Microsoft සමාගම පවසන ආකාරයට ඉක්මනින්ම Power BI App එක PC සදහා මෙන්ම tablet සදහාද නිකුත්වන්නට නියමිතයි. ඔබට Power BI App Windows 10 mobile App එක නොමිලේම මෙතනින් download කරගන්න පුළුවන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY