SHARE

වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන එකම දේ වෙනස් වීමයි කියල අහලා  ඇතිනේ.මේ වෙනස් වීමත් එක්ක ලෝකය එක තැන  පවතින්නේ නැහැ.මිනිස්සු තව තවත් අලුත් දේ සොයමින් , පවතින දැනුම සහ සංකල්ප යොදාගෙන නව සංකල්ප බිහිකරනවා.ඒ මත පදනම්ව නව නිෂ්පාදන බිහි කිරීම සඳහා  ඔබ මේ ලිපිය කියවන මොහොතේත් ලොව පුර විවිධ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. එලෙස බිහිවන විශ්මිත සංකල්පයක් තමයි Quantum Computing කියන්නේ .ඒ ගැන අපි අද කතා කරමු .

සමහර ප්‍රශ්න තියෙනවා ඒවා දැනට තියෙන computers භාවිතයෙන් විසඳන එක practically impossible .ඒ කියන්නේ ඒ සඳහා classical computing time එකෙන් වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. නමුත් එම ගැටලුවම අවශ්‍ය ප්‍රමාණයේ Quantum computer එකක් භාවිතයෙන් පැය කිහිපයක් ඇතුලත විසඳගන්න පුළුවන්.ඒ වගේම එහි ප්‍රතිපල වලට අපේ ලෝකය මුළුමනින්ම වෙනස් කිරීමේ හැකියාව පවතිනවා.

උදාහරණ ලෙස :

researchers  ලාට අලුත් material සහ catalysts නිර්මාණය කිරීම සඳහා Quantum Computing යොදාගන්න පුළුවන්.

  • help improve medicine
  • invent new industrial processes
  • Accelerate the development of Artificial Intelligence
  • Answer fundamental questions ()

මෙවැනි විවිධ පැතිකඩ වල progress එක සඳහා Quantum Computing යොදා ගත හැකියි.

අපි එදිනෙදා use කරන computers ,ඒ කියන්නේ traditional computers ,information represent කරන්නේ bits විදියට.(1 සහ 0)

නමුත් Quantum Computers information store කරන්නේ වෙනස් විදියකට එනම්,Quantum bits විදියට (Qubits). මේ Qubits ,විශ්වයේ කුඩාතම වස්තූන්ගේ හැසිරීම් ප්‍රදර්ශනය කරනවා. Quantum යාන්ත්‍ර විද්‍යවා මඟින් ,මේ qubits වල ගොඩක් සංකීර්ණ තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කල හැකි නිසා  computer  එකේ processing power එක දෙගුණ තෙගුණ කල හැකි බව මේ වන විට අනාවරණය අකරගෙන තිටනවා. එය traditional computing වලට කල නොහැක්කක්.

නමුත් මෙහි පවතින ගැටලුව තමයි මෙතෙක් නිර්මාණය  කළ qubits, scale කිරීමේදී තරමක් අසීරුයි.ඒ වගේම ඉතා කුඩා වැරදීමකින් මුළු මෙහෙයුම ම අසාර්ථක විය හැකියි.මෙය සරල උදාහරණයකින් පැහැදිලි කලොත්, Qubits භාවිතා කරගෙන හදන computer එකක් හරියට, building blocks යොදාගෙන  උස ,පටු  කුළුණක් හදනවා වගේ. ඒ කියන්නේ කුලුනේ උස වැඩි වෙන්න වැඩි වෙන්න එය stable නැති වෙනවා.

එම නිසා මේ limitations හඳුනාගත් microsoft ආයතනය විශ්වාස කරන්නේ more stable qubit එකක් හදන එක තමයි අභියෝගය කියලා.ඔවුන්  එම stable qubit එක topological qubit ලෙස නමින් හඳුන් වන අතර ඒ සඳහා මේ වන විට ඇති විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් researches කෙරෙමින් පවතිනවා. මෙලෙස research කරලා නිර්මාණය කරන quantum computers මඟින් දැනට පවතින අභියෝගාත්මක ප්‍රශ්න රැසකට විසඳුම් සපයාවි යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඊට සුදානම් වීම සඳහා microsoft ආයතනය විසින් දැනටමත් විධිමත් සැලසුම් ක්‍රියාත්මක කරලයි තියෙන්නේ.

පසුගිය දා පැවති Microsoft ‘s inaugural startup summit එකේදී ඔවුන් මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය කළා .Scalable quantum computer එකක් නිර්මාණය කිරීම සඳහා විවිධ කුසලතාවයන්ගෙන් යුක්ත සහ විවිධ කණ්ඩායම් වල සාමුහික ප්‍රයත්නයක් අවශ්‍යයි. එම ඉලක්කය කරා ලඟා වීම ට පසුගියවසර කිහිපය තුල microsoft ආයතනය විසින් නව හවුල් කරුවන් ,විශ්ව විද්‍යාල,ගනුදෙනුකරුවන් හා සංවර්ධකයින් සම්බන්ධීකරනය කරමින් microsoft quantum computing network එක නිර්මාණය කළ බව ඔවුන් එහිදී ප්‍රකාශ කළා. දැනුම හුවමාරු කිරීමේ අරමුණින් හා ලොව හොඳම quantum innovaters ලා  සමඟ සහයෝගයෙන් කටයිතු කිරීමත් මෙහි අරමුණ වුනා.

මෙලෙස, quantum computers commercially නිපදවීම තවමත් ආරම්භ කර නැති නමුත් microsoft එයාලගේ hardware network එක officially ආරම්භ කර තියෙනවා.

ලොව පුරා  quantum භෞතික විද්‍යාඥයින් ගේ දැනුමත් උපයෝගී කරගනිමින් , mathematics ,cryogenics ,programming ,computer science සහ අනෙකුත් fields coordinate කරමින් මෙම revolutionary quantum computing තාක්ෂනය , අනාගත ලෝකය අපිට ඉක්මනින්ම ලඟා කර දේවි කියලා microsoft ආයතනය වගේම තව ගොඩක් දෙනා අපේක්ෂා කරන බව නොඅනුමානයි. !

 

Sources: https://www.techradar.com/news/microsoft-launches-quantum-computing-network

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY