Raspberry Pi හා වින්ඩොස් IoT සමගින් හෙට දිනට – 2 කොටස

Raspberry Pi හා වින්ඩොස් IoT සමගින් හෙට දිනට – 2 කොටස

3914
1
SHARE

Raspberry Pi හා වින්ඩොස් IoT සමගින් හෙට දිනටපළමු කොටස කියවීමට මෙතනින් යන්න

ඔබ විසින් Raspberry Pi හී මෙ‍ෙහයුම් පද්ධතිය ලෙස    Windows IOT  ස්ථාපිත කරගත්තේ නම් ඔබට පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් Windows IOT නිවැරදිව ස්ථාපිත වී ඇති බව දක්වනු ඇත. මෙහිදී කිසිදු මෘදුකාංගයක් ඔබට දක්වන්නේ නැත. ඔබට කළ හැක්කේ ඉතා සීමිත ක්‍රියාවලීන් කිහිපයක් පමණි. Windows IOT වලින් ඉවත් වීම හාRestart කිරීම වැනි ක්‍රියාවලීන් මෙහි ඇති සීමිත පහසුකම් අතර වේ. (නමුත් ඔබ විසින් ලිනක්ස් වෙළුමක් (Noobs, Raspbian,Ubuntu Mate,Ubuntu Core) ස්ථාපිත කරගත්තේ නම් බොහෝ මෘදුකාංග දැක්වෙන අතර ලිනක්ස් දැමු පරිගණකයක් මෙන් සියළු පහසුකම් ද ලබාගත හැකිය. උදාහරණයක් ලෙස Web Browser හා libreoffice  පවා මේ තුළ දැකගත හැකිවේ. ඔබ විසින් IOT මෙන්ම ලිනක්ස් වෙළුමක්ද ස්ථාපිත කරගැනීමෙන් Raspberry Pi මහින් කළ හැකි කාර්යයන් අවබෝධ කරගන්න.)

RASPBERRY PI-1

Raspberry Pi හි Windows IOT ස්ථාපිත කරගැනීමෙන් පසුව මීළඟ කාර්යය වනුයේ ඔබගේ පරිගණකය සමඟ සම්බන්ධ කරගැනීමය.  මේ සඳහා පහසුම මාර්ගය වනුයේ router ඒකක් භාවිත කිරීමයි. නෙට්වර්ක් වයරයRuspberry Pi උපකරණයට සම්බන්ධ කිරීමෙන් පසුව router එකට සම්බන්ධ කිරීමෙන් පසුව router ඒක මගින්Raspberry Pi සඳහා අලුතින් IP එකක් ලබා දෙනු ලබන අතර ඔබගේ පරිගණකය රවුටරයට සම්බන්ධ කිරීමෙන් අනතුරව Raspberry Pi වෙත ලැබී ඇති IP එක ඔබගේ පරිගණකයේ විවෘත කරගත් Web Browser එකක සටහන් කිරීමෙන් ඔබගේ පරිගණකය හා Raspberry Pi සමඟ සන්නිවේදනයට ඉඩ ලැබෙනු ඇත.මෙහිදී ඔබ විසින් router හාRaspberry PI නෙට්වර්ක් කේබල් එකක් මගින් සම්බන්ධ කරගත් පසුව ඉහත රූපයේ පරිදි Raspberry Pi වෙත ලැබුනු IP ලිපිනය දක්වනු ලැබේ.

ඉහත රූපයේ පරිදි ඔබ වෙත ලැබී ඇති IP ලිපිනය Web Browser එකෙහි සටහන් කිරීමෙන් අනතුරුව :8080 ලෙස සටහන් කරන්න. එවිට Windows IOT   සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය User Name හා Password ඉල්ලනු ඇත. 

RASPBERRY PI-2

ඔබ විසින් User Name යටතේ Administratorලෙසත් Password යටතේ p@ssw0rd ලෙස සටහන් කිරීමෙන් පසුව පහත රූපයේ දැක්වෙන පරිදී කවුළුවක් ඔබ වෙත ලැබෙනු ඇත. මෙහි Home යන්න තෝරාගත් පසුව මෙම Raspberry PI සඳහා ලැබී ඇති නාමය වන minwinpc යන්න හා ස්ථාපිත IoT හිVersion එක වැනි තොරතුරු අපට දැක ගත හැකිය. (minwinpc යන නාමය IoT විසින් ලබාදී ඇති නාමය වන අතර මෙම නාමය හා IP ලිපිනයන් ආදියPowerShell විධාන භාවිතයෙන් වෙනස් කළ හැකි අතර මේ පිළිබඳව ඉදිරි පාඩමකින් විස්තර කිරීමට අපේක්ෂා කරමි.)

එසේම Apps යන්න තෝරාගත් පසුව දැනට Windows IoT මෙහෙයුම් පද්ධතිය තුළ ස්ථාපිතව ඇති මෘදුකාංග(Application) කිහිපයක් දැකගත හැකිය.

RASPBERRY PI-3

 නමුත් මින් එකක් පමනක් ආරම්භ වී ඇති බව ඔබට වටහා ගත හැකිවනු ඇත. මෙහිදී පළමු රූපයේ දැක්වූ පරිදි Windows IOT යෙදූ Raspberry pi ආරම්භ වන අවස්ථාවේ දී default app එකක් ලෙස පළමු රූපයේ පරිදි දක්වනුයේ එහි එක් App එකක් බව ඔබට තේරුම්ගත  හැකි වනු ඇත. නමුත් අපට මෙහි දැක්වෙන වෙනත් App එකක් ආරම්භ වන අවස්ථාවේ දී ක්‍රියාත්මක කරන්න යැයි උපදෙස් ලබාදිය හැකිය. එසේම අප විසින් Visual Studio මගින් සකසා ගනු ලබන අපේම App එකක් ආරම්භක තිරයේ දැක්වීමට උපදෙස් ලබාදිය හැකිය. මෙහිදී මේ වන විටත් දැකගත හැකි සීමිත App කිහිපය තබාගැනීමට හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මෙහිදී අපට පහසුකම් ලබාදෙන අතර අප විසින් සකසනු ලබන app එකක් ස්ථාපනය කරගැනීමටත් පහසුකම් මෙම කවුළුවේ දැකගත හැකිය.

මීලඟ පාඩමින් Windows IOT සඳහා අපේම App එකක් සකසා ගන්නා ආකාරයත් එය Windows IOT වල ස්ථාපිත කරගන්නා ආකාරයත් විමසා බලමු.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY