Raspberry PI හා වින්ඩොස් IoT සමගින් හෙට දිනට

Raspberry PI හා වින්ඩොස් IoT සමගින් හෙට දිනට

4318
1
SHARE

බැටරි දෙකක් අරගෙන චෝච් බල්බි පත්තු කරපු. නයිට් රයිඩරි අංකල් කට කන අතරේ එයාගේ කාර්එකේ එහෙට මෙහෙට ගමන් කරන ආලෝකය යෙන් මත්වුනු. යන්තම් කියලා නයිට්රයිඩර් සර්කිට් එකක් හදලා ඒක බයිසිකලේ ගහගෙන රෑට පාරේ පැදපු, විජය පත්තරේ තිබුනු සර්කිට් හදන්න බඩු හොයන්න ගම්පොල නගරය පුරාම ඇවිදපු , ගෙදරට විදුලිය ගත්තදාට පහුවෙනිදා විදුලිය යනු කුමක්ද කියලා ප්‍රායේගිකව අත්හදා බැලීම් කල සුන්දර අතීතයක මතකයක් මටද තිබුනි. ඒ අතීතයේ මගේ සිතේ සැදීමට හැකියැයි සිතූ ඇතැම් නිර්මාන අද ප්‍රායෝගක ජීවිතයේදී මා භාවිත කරමින් සිටිමි. ලෝකය මොනතරම් වේගයෙන් වෙමින් පවතීද, ඔබට මට අපට එම ලෝකය වෙනස් කිරීමට දායක විය නොහැකිද? සැබැවින්ම ඔබටත් මටත් මේ ලෝකය තාක්ෂණික මෙවලම් තුලින් වෙනස් කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා ඔබට තිබිය යුතු වන්නේ කුඩා තාක්ෂණි දැනුමක් හා පරිගණක භාෂාවක් නිවැරදිව භාවිත කිරීමේ හැකියාවයි. අපගේ සිතුවිලි අපගේ තර්කණයන් පරිගණක භාෂාවකින් සටහන් කිරීමත් එමගින් අපගේ විද්‍යුත් මෙවලම් හැසිරවීමේ කාර්යත් කළ හැකිය. මේ සඳහා අපට භාවිත කළ හැකි උපකරණ කවරේද? අද තාක්ෂණය යනු පරිගණකය හා බැදී පවතින දෙයකි. Arduino/ Raspberry PI, යනු අපගේ සිතුවිලි ප්‍රායෝගික උපකරණ බවට පත්කිරීමට අපට සහයෝගය ලබාදෙනු ලබන උපකරණයන්ය. මා මේ අතරින් වඩා ආශා කරන්නේ Raspberry PI නම් උපකරණයටය. එයට හේතු ගොඩක් මට කිව හැකිය. මේ ‍කුඩා උපකරණය පහත දැක්වෙන පරිදි කුඩා උපකරණයකි.pi

එයට කුඩා පරිගණකයක් කියා ද කිව හැකිය එයට හේතුව වනුයේ මේ උපකරණය තුළට මෙහෙයුම් පද්ධතියක් (OS) එකක් දැමීමේ හැකියා‍ව තිබීමයි. උදාහරණයක් ලෙස වින්ඩෝස් සංස්කරණයක් වන Windows IOT ද ලිනක්ස් සංස්කරණ බොහෝමයක්ද Raspberry PIතුළට දැමීමේ හැකියාව ඇත. ලිනක්ස් සංස්කරණ බොහෝමයක Windows IOT වලට වඩා වැඩි පහසුකම් හා මෘදුකාංග ඇතුළත්ව ඇත. එසේම පරිගණයක නොමැති කොටසක් වනGeneral-purpose input/output (GPIO) කොටසක් මෙම Raspberry PI එක තුල තිබීම නිසාම මෙම උපකරණය හා සම්භන්ධ කොට වෙනත් උපකරණ හැසිරවීමේ හැකියාව ලබාගත හැකිය. 

සැබැවින්ම ගත් කළ Raspberry PI යනු ලෝකයේ අනාගතය වෙනස්කරණ  කුඩාම පරිගණකය වනු ඇත.

Raspberry PI යනු උපකරණය ගත් කල එහි USB Port හතරකින්ද HDMI Outputඑකකින්ද, පරිගණක ජාලයක් හා සම්භන්ධ කිරීම සඳහා වන Ethernet Port එකකින් යුතු හා GPIO Pin 40 ක යුතු කොටස් වලින් සමන්විත උපකරණයක්ය. එසේම HDMI එකට අමතරව Monitor එකකට ප්‍රතිදාන ලබාදිය හැකි කොටසකින්ද, කැමරාවක්   සම්භන්ධ කිරීමේ හැකියාවෙන් යුතු කොටසකින්ද යුතුවේ. පහත දැක්වෙන පින්තූරය දක්වා ඇති කොටස් හොදින් හඳුනා ගන්න.

RP2_Pinout

Raspberry PI උපරණයේ GPIO කොටස් අපට අවශ්‍ය පරිදි පරිගණක ක්‍රමලේඛනයක් භාවිත කොට හැසිරවිය හැකිය මේ සඳහා Visual Studio 2015 වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ලබාදෙනු ලබයි. නමුත් මේ ක්‍රියාවලියට ප්‍රථම ඔබ විසින් Raspberry PI සඳහා හා ඔබගේ අවශ්‍යථාවය සඳහා ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කරගත යුතුවේ. මෙහිදී ලිනක් සංස්කරණ බොහෝමයක් ඇති අතරම ඉතා පහසුවෙන් ස්ථාපිත කරගැනීමේ හැකියාවද ඔබට හිමිවේ. නමුත් ඔබ විසින් Windows IOT මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීමට අවශ්‍ය වේ නම් එය තරමක් අපහසු කාර්යයක් වේ.  

ඔබ විසින් ලිනක්ස් හෝ Windows IOT යන්නෙන් කුමක් ස්ථාපික කිරීමට අපේක්ෂා කළද පළමුව Raspberry PI  ‍උපකරණය වෙත විදුලිය සැපයීමට ඉතා හොඳ Power Adaptor  එකක් තිබිය යුතුය. මෙහිදී සාමාන්‍ය ‍දුරකථන චාර්ජර් එකක් භාවිත කිරීමටද හැකි වුවද එහි විදිලිය 5V මෙන්ම 2A වීම අනිවාර්යය වේ. එසේම ‍ Raspberry PI හී මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා SD Card එකක් භාවිත කිරීමට සිදුවේ. මේ සඳහා Class 10 වර්ගයේ 8GB SD Card එකක් තිබීම වඩා වැදගත් වේ. එසේ නොවුනහොත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසුව නොයෙක් අපහසුතාවයන්ට ඔබ මුහුණ දෙනු ඇත.  

Windows IoT මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගැනීම

මේ සඳහා  http://ms-iot.github.io/content/en-US/Downloads.htm ඔබ විසින් දක්වා ඇති වෙබ් අඩවියට යාමෙන් පසුව අදාල ISO එක පරිගණකය වෙත ලබාගන්න. පසුව මෙමISO ඔබ පරිගණකය වෙත ස්ථාපිත කරගන්න.

card

පසුව ඔබගේ පරිගණකයට SD Card එක ඇතුළත් කිරීමෙන් පසුව WindowsIoTImageHelper ‍නමින් අලුතින් කුඩා මෘදුකාංගයක් අලුතින් දක්නට ලැබෙන අතර එම මෘදුකාංගය විවෘත කරගන්න පසුව ඔබගේ  පහත රූපයේ දැක්වෙන පරිදි SD Cardඑක හදුන්වා දීම හා පරිගණකයේ මේ වන විටත් ස්ථාපිතව ඇති flash.ffu ගොනුව හදුන්වා දීSD Card එක වෙත IOT ස්ථාපිත කිරීම ආරම්භකරන්න. අවසන් වීමෙන් අනතුරුවRaspberry PI උපකරණය වෙත SD Card එක ඇතුළත් කිරීමෙන් අනතුරුව Raspberry PI උපකරණය වෙත විදුලිය ලබාදෙන්න. පළමු වරට මෙහෙයුම් පද්ධතිය ආරම්භ වීම සඳහා පොඩි කාල පමාවක් ගන්නා අතර. එය නිවැරදිව ස්ථාපිත වී ඇත්නම් පහත රූපයේ පරිදි දැක්වෙනු ඇත.

මීළඟ පාඩමින් Raspberry PI උපකරණය තුළ ක්‍රියාත්මක වන පරිගණක වැඩසටහනක් Visual Studio භාවිතයෙන් ලියනු ලබන ආකාරය පිළිබඳව විමසා බලමු.

Comments

comments