Microsoft HoloLens Development Edition සඳහා නිකුත් වීමේ හා පෙර ඇනවුම් ලබාදීමේ දින...

Microsoft HoloLens Development Edition සඳහා නිකුත් වීමේ හා පෙර ඇනවුම් ලබාදීමේ දින හෙලිදරව් වෙයි

2479
0
SHARE

Microsoft සමාගමේ augmented headset එක පිළිබඳව සැමදෙනා තුලම බලාපොරොත්තුවක් පවතින බව සැබෑවකි. එම උපාංගය අත්හදා බැලීමේදී, එහි ඇති ඉදිරි දැක්ම මෙන්ම එහි වූ අතිශය සැබෑ ස්වරූපය හේතුවෙන් සැවොම විමතියට පත්වන ලදී. පසුගිය වසරේදී Microsoft සමාගම සඳහන් කරන ලද්දේ 2016 වසරේ පලමු කාර්තුව තුලදී මෙම උපාංගය වෙළඳපොලට නිකුත් වන බවත්, ඇ.ඩොලර් 3000ක් වැනි මුදලකට development kit එක අලෙවි වන බවත්ය.

Fortune පල කල ලිපියකට අනුව පෙනීයන්නේ අලෙවි කිරීමට බලාපොරොත්තු වන මුදල නිවැරදි බවත් නිකුත් කරන දිනය, වසරේ පලමු කාර්තුව නිමවීමට ආසන්නතම මාර්තු මස 30 වන දින බවත්ය. ඒ අනුව පෙර ඇනවුම් කිරීම පෙබරවාරි මස 29 වන දින ඇරඹේ. Development මෙවලම් හැරුණු විට, Fragments, Young Conker සහ RoboRaid යන ක්‍රීඩා ත්‍රිත්වයද, dev kitහි අන්තර්ගත වෙයි.

Fragments යනු තම විසිත්ත කාමරයේදීම සිදුවන්නා වූ අපරාධ පිළිබඳ ක්‍රීඩාවක් වන අතර එහිදී තමන්ට නඩුව පිළිබඳ විමර්ශනයට අවස්ථාව සැලසෙන අතරම, තමා සිටින කාමරයේම සිටින බව පෙන්නුම් කෙරෙන චරිත සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමටද අවස්ථාව උදාවේ. Young Conker මගින් සාම්ප්‍රදායික විරල ලේනෙකු තමන් සිටිනා ලෝකය වෙත ගෙන ඒම සිදුකරයි. Young Conker නිර්මාණය කල Asobo Studios සමාගමට අනුව, ක්‍රීඩා කරන පුද්ගලයා සිටින පරිසරය අනුව එම ක්‍රීඩාව වෙනස් වෙයි. RoboRaid යනු ප්‍රථම පුද්ගලයා වෙඩි තබන, NFL football සඳහා Microsoftහි දැක්මෙහි අඩංගු වූ පරිදි, NFL ක්‍රීඩකයින් බිත්ති දෙබෑ කරමින් ඒ තුලින් පැමිණි ලෙසින්ම, පිටසක්වලයින් සත්‍ය වශයෙන්ම තම කාමරයේ බිත්ති දෙබෑ කරමින් පැමිණෙන ආකාරයේ ක්‍රීඩාවකි. එහි ලිපියට අනුව, RoboRaid නිර්මාණය කිරීම සඳහා පුද්ගලයන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සති 12කදී නිම කරන ලද්දකි. ඉන් පෙනීයන්නේ hardware platform එක සඳහා develop කිරීම කෙතරම් පහසුද යන්නයි.

HoloLens උපාංගය සැබෑ ලෝකයේ කෙතරම් හොඳින් ක්‍රියා කරන බව පෙනුම් කරද්දී, එහි වර්ධනය කිරීම් දෙස අප අපේක්ෂාවෙන් බලා සිටින්නේ එහි ඇති දියුණු කල හැකි ස්වභාවය හේතුවෙනි.

ඔබත් HoloLens Developers Edition උපාංගයක් මිලදී ගන්නවාද?

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY