බලන් ඉද්දි rotate වෙන Surface Hub 2

බලන් ඉද්දි rotate වෙන Surface Hub 2

1580
0
SHARE

අපි මිට කලින් Surface hub ගැන කතා කරලා තිබෙනවා. Surface Hub ගැන කිවුවොත් මේක interactive white board එකක්. මේක නිර්මාණය කලේ Microsoft විසින්. Surface Hub එක කියන්නේ Surface family එකේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්. හුගක්ම දුරට මෙය වෙළඳපොළට එන්න හේතුව වෙන්නේ Business එකක Conference එකකට වගේ එකතු වීමකදී විස්තර කිරීම් වලට භාවිත කරන්න පුළුවන් වීම. Surface Hub නිකුත් වෙන්නේ 2015 ජුනි මාසයේදී. සැහෙන දුර ගමනක් ආපු Hub එක 2015 මැයි 15 වෙනිදා, තමන්ගේ දෙවන පරපුර වෙච්ච Surface Hub 2, 2019දී නිකුත් වෙන බව තීරණය කෙරුණා.

අපි කතා කරන්න පටන් ගත්තා වගේම Surface Hub 2 ගැන කියනවනම්, මේකේ demonstration එකක් පැවැත්වුණා සැප්තැම්බර් අග භාගයේදී. Microsoft Ignite conference එක පැවැත්වෙනවා මේ කාල වකවානුව තුලදී. මේකෙදි software maker භාවිතා කරනවා Surface Hub 2 එකක්. ඒ මෙහි keynote එක තුලදී. මෙය තමයි Surface Hub 2 එකක් ලෝකයට නිකුත් වුනු මුල්ම අවස්ථාව. ඒ වගේමයි ඔවුන් software එකක් හෝ product එකක් නිකුත් වෙනවයැයි පැවසුවාට කලින් සමාජ ගත කරන ලද පළමු අවස්ථාව. මෙහිදී දකින්න ලැබුනේ මෙහි screen එක rotate කරන වෙලාවේ screen එකේ smooth විදිහට content චලනය වුන විදිහ.

ඉහත රූපය බලන ඔබට පැහැදිලියි කෙතරම් පැහැදිලිව මේ තිරය කැරකෙනවාද කියන දේ. ඒ වගේමයි මෙහි ප්‍රධාන වාසි කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම එකක් තමයි usersල කිහිප දෙනෙක්ට වුනත් එක වරම භාවිත කරන්න හැකි වීම. ඒ පහසුකම මේකට ලැබෙන්නේ fingerprint sensor එක මඟින්. ඒ වගේමයි usersල කිහිප දෙනෙක්ට වුනත් එක පාරම මේකට log වෙන්න පුළුවන්. මෙහෙම log වුන ගමන් recent files පෙන්වන්න පටන් ගන්නවා. මෙහෙම පෙන්වන්නේ මේ හැම account එකෙන්ම log වුනාට පස්සේ. මේ පහසුකම මගින් accounts කිහිපයක තිබෙන files කිහිපයක් වුනත් එක වරකදී විවෘත කර ගන්න පුළුවන්.

ඒ වගේමයි මේ Surface Hub 2 hardware එක ගැන විස්තර කලොත්, මෙහි සියලුම කැමරා 4K ඒවා. ඒ වගේමයි සුවිශේෂී edge to edge තාක්ෂණය. නමුත් මේ rotation feature එක වගේම  අලුත් software සියල්ලම 2020දී තමයි නිකුත් වෙන්නේ, Microsoft තීරණය අනුව. මේ demonstrator එකේදී දැක්වුවට මේ වන තෙක්ම Microsoft ආයතනය Surface Hub 2 නිකුත් කරන දවසක් දන්වලා නැහැ. නමුත් ලැබෙන ආරංචි අනුව 2019 දෙවන කාර්තුව ආරම්භ වෙන වෙලාව වෙනකොට මෙය ලෝකයා වෙත ලබා දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2018/9/24/17896860/microsoft-surface-hub-2-demo-rotating-display

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY