නත්තල් සීයා ඉන්න තැන සොයාගමු

නත්තල් සීයා ඉන්න තැන සොයාගමු

2407
0
SHARE

ඔන්න නත්තලත් උදා වුනා.

කුඩා දරුවන් අහසේ තරු දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා නත්තල් සීයාගේ හිමයානය කොහොම හරි හොයාගන්නවා කියලා හිතාගෙන. ඒ ඉස්සර, Santa tracking අද වන විට digitally upgrade වෙලයි තියෙන්නේ. Microsoft සමාගම සහ NORAD සංවිධානය Google සමාගමත් සමඟ හවුල් වී අද Santa Tracker වෙබ් අඩවිය දියත් කලා.

Bing, Windows Maps, Microsoft Edge, සහ Cortana යන tools වලට ස්තූතිවන්න Microsoft ඔවුන්ටම ආවේණික වූ upgrade එකක් ලබා දෙන්න ඔවුන්ට හැකි වෙලා තියනවා.

North American Aerospace Defense Command(NORAD) සංවිධානයත් සමඟ අත්වැල් බැඳගෙන ඔවුන් මේ වැඩේ කලේ තුන් වන වතාවටයි.

maps-2

  • Windows 10 devices සහ Microsoft Edge web browser එක සඳහා holiday-themed coloring book එකක්
  • නත්තල් සීයා යන නගර වල image carousel එකක්
  • Windows Maps integration
  • Games
  • Holiday music
  • Movies
  • අධ්‍යාපනික අංග ඇතුළුව තවත් බොහෝ දේ වෙබ් අඩවියේ අඩංගු වේ.

සජීවීව මෙලෙස නත්තල් සීයා සිටින ස්ථානය අල්ලා ගැනීමට iOS, Android හෝ Windows 10 භාවිතා කරන ඔබට NORAD Tracks Santa apps අද ඔබ අතට පත් වෙනවා.

Microsoft අත්දැකීමේ හොඳම දේ තමයි Cortana Integration එක. WindowsGeek පාඨක ඔබව අපි මීට පෙර Cortana ගැන ලිපියෙදී මේ Santa Tracking පිළිබඳව තරමක් දැනුවත් කලා.Windows 10, iOS සහ Android හරහා Cortana ගෙන් ඔබ අහන්න “Where is Santa?”, රූපරාමු මඟින් නත්තල් සීයා ගැනත් ඔහු සිටින ස්ථානය ගැනත් විස්තරත් ඇය ඔබට සපයාවි. ඒ වගේම Cortana අද සිට නත්තල් සීයා සිටින ස්ථානය ගැන automatic update එකක් ඔබට ලබා දෙයි.

screen-shot-2015-12-24-at-10-10-56-am

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY