නව features සමඟින් අලුත් වූ Skype තුලින් ජීවිතය බෙදාගමු

නව features සමඟින් අලුත් වූ Skype තුලින් ජීවිතය බෙදාගමු

2596
0
SHARE

ජීවිතය ගොඩක් කාර්යබහුලයි, මේ ඔක්කොම වැඩත් එක්ක හැමෝම එක්ක සම්බන්ධවෙලා ඉන්න එක වෙලාවකට අභියෝගයක්. මේ වගේ පරිසරයක් තුල අපිට, අපේ ජිවිතයේ අවස්ථා බෙදාගන්න හුරුපුරුදු තැනක් තිබ්බොත් ඒක ගොඩක් හොද වගේම හොද සම්බන්ධතාවක් තියාගන්න පුළුවන් වෙනවා. අද මං කියන්න යන්නෙත් අන්න ඒ වගේ තැනක් ගැන. ඒ ඔයාලා හැමෝම දන්න Skype ගැන. ඇත්තටම Microsoft සමාගම විසින් මෑතකදී (1st of June) Skype හි නව features වගයක් හදුන්වල දුන්නා.

Skype කියන්නේ අලුතින් ගොඩක් values එකතු කරලා develope කරපු හොඳ සබඳතා පවත්වා ගැනීමට ඉදිවූවකි. එමගින් ඔයාලට ඔයාලගේ chat කැමති විදියට කරගන්න පුළුවන්. මෙහිදී group chat වගේම එම chat personalized කරගැනීමේ හැකියාවත් සතුයි. මේ නව Skype මුහුණත් එක්ක ඔයාලට ජිවිතයේ වැදගත් අවස්ථා share කරගන්න පුළුවන් වගේම, ඔයාලගේ ජිවිතේ හැම ක්‍රියාවක් සමඟින්ම ඔයාලගේ සමිපතමයන්ව එකට connect කරලා තියාගන්න පුළුවන් වෙනවා.

පුද්ගලික සබදතා සදහා හොදම තැන

ඇත්තටම මෙයින් මොවුන් එක උත්සහයක් ගන්නවා අපි  කවුද කියලා කියන්න පොඩි identity එකක් අපිට දෙන්න. හැබැයි ඉතින් පොඩි customized කරන්න පුළුවන් color customization එකක් දීලා තියෙනවා. තවද මෙහි තවත් අංගයක් වනුයේ video call සිටින විටදී වුවද අපේ emotions යවන්න පුළුවන්.

skype හි අලුත් අංගයක් ලෙස Skype highlights හදුනවා දිය හැකිය, මේකෙන් ඔයාලට පුළුවන් දවසේ වැදගත් වේලාවන් වල photo video එකතු කරන් share කරන්න. ඔයාලට ඔයාලගේ හැම විශේෂ අවස්ථාවක්ම share කරන්න පුළුවන්. තවද ඔයාලගේ group වලට යාලුවන්ටත් යවන්න පුළුවන්.

එකම තැනකින් share, chat සහ explore කරන්න

ඔව් ඇත්තටම මේ feature එකනම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි, මොකද මම එහෙම කියන්නේ අපි නොයෙකුත් app, chat කරන්න පාවිච්චි කරනවා. විශේෂයන්ම group chats වලින් අපි ගොඩක් වෙලාවට outing එකක් ෆිල්ම් එකක් බලන්න යන්න කථාවෙනවා. හැබැයි අපි ඒ ෆිල්ම් එකට ටිකට් book කරන්න නැත්නම් ඇවිත් තියෙන ෆිල්ම්ස් මොනාද බලන්න chat එකෙන් අයින් වෙලා එනවා. හැබැයි දැන් skype අලුත් මුහුණත එක්ක ඒ කරදරේ ඉවරයි. ඔයාලට පුළුවන් chat එකේ ඉදිද්දීම explore option එක හෝ feature එක හරහා හොයල විස්තර බලන්න, තව අවශ්‍යනම් ටිකට් book කරනත් පුළුවන් වෙන්න හදල තියෙන්නේ.

ඔයාලත් අදම මේ අත්දැකීම විදගන්න. ඇත්තටම skype කියන්නේ 2003 වසරේ ඉදන්ම මිනිසුන් connect කරන්න විශාල වශයෙන් භාවිතා කරපු සහ උදව් කරපු app එකක් හෝ සේවාවක්.

පහල තියෙන videos බලලා මේ අලුත් skype එක ගැන වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්.

Source: https://www.theverge.com/2017/6/1/15723594/microsoft-skype-redesign-features

Comments

comments

NO COMMENTS