Linux සඳහා skype Alpha 1.3 නිකුත් කරයි

Linux සඳහා skype Alpha 1.3 නිකුත් කරයි

1512
0
SHARE

මීට දින කිහිපයකට කලින් Microsoft සමාගම, Linux සඳහා Skype Alpha 1.2 නිකුත් කළා.  නමුත් ඊට දවස් 4 කට පසු, users ලාට වඩාත් ස්ථාවර අත්දැකීමක් ලබා දීම සදහා ඔවුන්  version 1.3 ලෙස version 1.2 හි bugs  fixed කර නැවත linux සදහා skype  නිකුත් කළා.

එහිදී ඔවුන්, alpha version එක පාවිච්චි කරලා feedback ලබාදුන් සියලු users  ලා සඳහා ස්තූති කර තිබුනේ මෙහෙමයි .

” අපිත් සමග දිගටම රැදී සිට ඔබගේ වටිනා අදහස් ප්‍රකාශ කල හැමෝටම ස්තුතියි.අපි ඔබගේ අදහස් වලින්
මෙහි තිබුනු වැරදි නිවැරදි කලා. දැන් ඔබට අලුත්ම Skype for Linux Alpha 1.3 අත් විදින්න පුළුවන් “

 

ඔවුන් Skype Alpha 1.3 හි සදහන් කල වැඩි දියුණු කිරීම් මෙසේය.

  • sign in නැති විට menu items hidden වෙනවා වෙනුවට disabled වීම
  • menu එකෙන් logout වීම නිවැරදි ආකාරයෙන් සිදුවීම.
  • minimize to tray function එක cinnamon සඳහා fixed කිරීම
  • සියලුම supported distributions සඳහා post-install script එක fixed කිරීම.
  • Linux සඳහා වූ Redo shortcut (CTRL – Y) එක fixed කිරීම.
  • chat වලින් යවන URL links browser එකකින් open වීමට පහසුකම් සැලසීම.

මේ කොහොම වුනත් තවමත් මෙම අලුත් version එක video calling සහ screen sharing වැනි key features ලබා නොදෙයි. මීට අමතරව group chat වලදී තමන්ට messages යැවීමට නොහැකි බවද සමහර usersලාගෙන් feedback ලැබී ඇති බවත් skype  team එක පවසනවා. ඉතින් මේ සියලුම අඩුපාඩු හදාගෙන ඊලග upgrade එකකින් පැමිණීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY