Skype meetings – කුඩා ව්‍යපාර සඳහා කණ්ඩායම් රැස්වීම්

Skype meetings – කුඩා ව්‍යපාර සඳහා කණ්ඩායම් රැස්වීම්

2184
1
SHARE

Microsoft සමාගම Skype සඳහා Skype meeting දින කිහිපයකට ඉහතදී හඳුන්වා දුන්නා.එය කුඩා business සඳහා සාමුහික රැස්වීම් පැවැත්වීමට හා එකිනෙකා අතර සහයෝගය වැඩිකරන අංගයක් ලෙස හඳුන්වා දිය හැක.
Skype meeting නොමිලේ භාවිතා කිරීමට හැකි අතර රැස්වීම සඳහා සහභාගී වන පුද්ගලයින්ගේ Skype accounts වල URL ගෙන ඒවා meeting participants ලෙස add කර Skype meeting සැකසිය හැක.
Microsoft සමාගම පසුගිය 5 වනදා Skype meeting පිළිබඳව මෙසේ අදහස් දැක්වුහ.

“රැස්වීමක් අතරතුර ඒ සඳහා සහභාගී වෙන අයට message (Instant messaging)කිරීමට, ඔවුන්ගේ screens, PowerPoint Presentations share කරගැනීමට පුළුවන් අතර, laser pointers සහ whiteboard පහසුකම
භාවිතා කිරීම තුළින් රැස්වීම් වඩාත් ඵලදායී කර ගන්න පුළුවන්. Skype meeting ආරම්භ කරන
පුද්ගලයාට(meeting organizer) අවශ්‍ය ලෙස රැස්වීම් පාලනය කිරීට පුළුවන් අතර හඬ පැහැදිලිව ඇසෙන
සේ අනිත් සහභාගී වන්නන් mute කිරීමේ හැකියව ඔහුට ඇත. “

Skype meeting පිළිබඳ අදහස් මෙම video තුළින් ලබා ගත හැක.

 

Business email තිබෙන එහෙත් office 365 යොදා නොගන්නා organization සඳහා Skype meeting Sign up විය හැක.එහෙත් එම පහසුකම අත් විඳිමට පුළුවන් වන්නේ එක්සත් ජනපදයට පමණි.
Office 365 subscribersලා දැනටමත් Skype for business පහසුකම අත්විඳින අතර එය පුද්ගලයින් 250කගේ පමණ විශාල රැස්වීම් සඳහා යොදා ගැනීමට පුළුවනි.එහිදීද ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක IM (Instant messaging) පහසුව අත් විඳිය හැක.
Microsoft සමාගමේ Skype meeting හි ප්‍රධාන අරමුණ වන්නේ කුඩා business වුවත්, ඔවුන් office 365 plans සඳහා ද පුද්ගලයින් උනන්දු කරන බව , පහත රුපය අනුව Skype meeting එක් පසක ‘upgrade to office 365’ දැක්වීම තුළින් පැහැදිලි වේ.

skype-meetings-02

ඇත්ත වශයෙන්ම Skype meeting සඳහා මුල් දවස් 60 තුල පුද්ගලයින් 10 දෙනෙකුට රැස්වීමක් පැවැත්විය හැකිවුවත් එය පසුව පුද්ගලියින් තිදෙනෙකුට පමණක් සීමා වේ.

මූලාශ්‍රය: neowin.net

Comments

comments