Parkinson’s රෝගයට විසඳුමක් දීමට Microsoft සමාගම සැරසෙයි

Parkinson’s රෝගයට විසඳුමක් දීමට Microsoft සමාගම සැරසෙයි

3324
0
SHARE

අද අපි කියලා දෙන්න යන්නේ Parkinson’s කියන රෝගයට විසඳුමක් විදිහට Microsoft සමාගම ඉදිරිපත් කරපු wearable device එකක් ගැන. නමුත් ඔබ මේ කියන Parkinson’s රෝගය ගැන නම් නම කියූ සැනින් දන්නේ නැතුව ඇති.  මුලින්ම කියලා දෙන්නම් මෙම රෝගය ගැන. ඇත්තටම මෙම රෝගය ලෝකය පුරා මිලියන 10ක පමණ ජනතාවකට වැලදිලා තිබෙනවා. මේකෙ රෝග ලක්ෂණ තමයි අත් වෙව්ලීම, අත් පා වල තද ගතිය, කෙලින් ඇවිදීමට නොහැකිවීම වගේ දේවල්. මොලයේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධීකරණය පවත්වාගෙන යාමට අවශ්‍ය වන ඩෝපමින් නම් රසායනිකය නිපදවන නියුරෝන අඩුවීමකින් තමයි මෙම රෝගය වැලදෙන්නේ. කෙසේවෙතත් අපි අද කතාකරන මේ device එක Microsoftසමාගම ලෝකයට ඉදිරිපත් කලේ ඔවුන්ගේ Microsoft Build 2017 Conference එකේදි. මෙම උපකරණය නිර්මාණය කිරීම පිටුපස ඉතා සංවේදී කතාවකුත් තිබෙනවා.

මෙම උපකරණය නිර්මාණය කලේ Microsoft සමාගමේ Research and Innovation Director කෙනෙක් විදිහට කටයුතු කරන Haiyan Zhang විසින්. මැයගේ හොඳම යෙහෙලියක් තමයි Graphic designer කෙනෙක් විදිහට කටයුතු කරන Emma Lawton. මේ Emma ඇත්තටම Parkinson’s රෝගයට ගොදුරු වුනු කාන්තාවක්. අත්වල වෙව්ලීම නිසා කිසිදු වැඩක් හරියාකාරව කරගන්නට බැරි වෙනවා සේම එය Graphic Designer කෙනෙක්ට කොපමණ පාඩුවක්ද කියලා මම ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඉතින් Zhang විසින් මෙම wearable device එක නිර්මාණය කරන්නේ ඇයගේ යෙහෙලිය වෙනුවෙන්මයි. එය නම් කරන්නෙත් Emma Watch කියලා.

මෙම උපකරණය prototype එකක් විදිහට දැනට නිර්මාණය කරලා තිබුනට ඉදිරියේදී මෙය තව වැඩිදියුණු කරන්නට ඇය බලාපොරොත්තු වෙනවා. Vibrations Series එකක් හරහා මොලයට සංඥා යැවීමෙන් musclesවල movements පාලනය කිරීමට තමයි මෙම device එක මූලිකවම සැලසුම් කරලා තියෙන්නේ. Zhang විසින් Emmaගේ දකුණු අතෙහි wrist එක focus කරලා තමයි watch එක හරහා vibrations යැව්වේ. මෙම යවන vibration series එක depend වෙන්නේ එක එක පුද්ගලයා මතයි. මෙම Wearable device එක Windows 10 Tablet එකකට සම්බන්ධ කර app එකක් මඟින් vibrations යවන වේගය පාලනය කරනවා. රෝගියාට සාමන්‍යය අත් ඔරලෝසුවක් අතෙහි පැලැදගෙන ඉන්නවා වගේ පහසුවෙන් මෙය පරිහරණය කරන්න පුලුවන්. ඒ වගේම මෙය පැලැදීමෙන් පසු Emmaගේ අකුරු ලිවීම කොයිතරම් දුරට වෙනස් වෙලා තිබෙනවද කියලා ඔබට පහත රූපයෙන්ද දැක ගන්නට පුලුවන්.

මම කලිනුත් කිව්වනෙ මේක රෝගයේ යම් යම් රෝග ලක්ෂණ diagnose කරලා හදපු prototype එකක් විතරයි කියලා. Zhang දැන් සූදානම් වෙන්නේ මෙය තවත් දියුණු කර රෝගියාගේ ලිවීමේ බාධාව සම්පූර්ණයෙන්ම නැති කර යථා තත්ත්වයට පත් කිරීමටයි. ඒ වෙනුවෙන් ඇය Artificial Intelligence සහ Sensors යොදාගෙන මෙම අකර්මණ්‍යතාව ගැන සංකීර්ණව අධ්‍යනය කරමින් පර්යේෂණ පවත්වනවා. ඉතින් ඇයට මෙය වැඩිදියුණු කිරීමට හැකියාවක් ලැබුනෝතින් එය Parkinson’s රෝගීන්ට නම් කදිම පිටුවහලක් වේවි.

Haiyan Zhang මෙම device එක operate කරලා තමන්ගේ යෙහෙලිය Emmaව සතුටු කලේ කොහොමද කියලා ඔබට පහත video එකෙන් දකින්නට පුලුවන් වෙනවා වගේම ඇත්තටම එය සතුටු හිතෙන සංවේදී දර්ශනයක් වේවි.

Source: https://www.theverge.com/2017/5/11/15624314/microsoft-project-emma-wearable-health-parkinsons-tremor-writing-vibrations

Comments

comments

NO COMMENTS

Leave a Reply to Parkinson’s රෝගයට විසඳුමක් දීමට Microsoft සමාගම සැරසෙයි - Kolomthota Cancel reply