SoundCloud App එක දැන් Xbox වලටත්

SoundCloud App එක දැන් Xbox වලටත්

3079
0
SHARE

Xbox එකක් කිව්වාම කාටත් මතක් වෙන්නේ video Gaming නේ. අද වන විට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය Device එකක් බවට මෙය පත් වෙලා තියෙනවා. තරුණ පරපුරට පමණක් මෙය සීමා වෙලා නෑ. බාල මහලු සියලු දෙනාම අතර ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වෙච්ච Device එකක් කිව්වොත් ඇත්තටම නිවැරදි. ක්‍රීඩා ලෝලීන්ට පමණක් සීමා වෙලා තිබ්බ මේ Device එකට Microsoft ආයතනය නවතම එක් කිරීමක් සිදු කලා. ඒ තමයි Xbox සදහා SoundCloud App එක හදුන්වා දීම. ඔබ සිතන්න ඔබ අසාවෙන් Video game play කරපු device එකෙන්ම ඔබ ආස කරන සිංදු play වෙනකොට කොච්චරනම් ඒක වටිනවද? ඇත්තටම Microsoft ආයතනය මේ SoundCloud App එක Xbox සදහා හදුන්වාදෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි Xbox වල තියෙන sound quality එක. ඔයාල Xbox එකකින් video game එකක් play කරලා තියෙනවනම් Xbox එකක තියෙන sound quality එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නෑනේ. ඇත්තටම මේ SoundCloud App එකට ලෝකයේ තිබෙන විශාලම ගායක සංඛ්‍යාවකගේ ගීත එකතුව කිව්වොත් නිවැරදි. මොකද ඒ තරම් විශාල music albums ප්‍රමාණයක් මෙය සතු වෙනවා. ඉතින් ඔබ සිතල බලන්න ඔබ Video game එකක් play කරන ගමන්ම ඔබ කැමති song එකක් background එකෙන් play වෙනකොට ඔබගේ විනෝදෙ තවත් වැඩි වෙනවා නේද?

Xbox හරහා SoundCloud use කරන ඔයාලට තවත් පහසුකම් රාශියක් අත් කරලා දෙන්න Microsoft ආයතනය අමතක කරලා නෑ.

  • SoundCloud App එක voice control වලින් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයාල දන්නවනේ Cortana පහසුකම දැන් Xbox වලටත් හදුන්වා දී ඇති බව. ඉතින් Cortana මෙයට apply කරලා තියෙන්නේ.
  • ඔයාගේ ප්‍රියතම හා අලුත්ම අලුත් ගීත මෙයට එක්කර තිබීම.
  • වෙන කිසිම තැනකින් හොයාගන්න බැරි විදියේ සිංදු පවා ඔයාට මේ SoundCloud හරහා පහසුවෙන් හොයාගන්න පුළුවන් වීම.

ඉතින් එහෙම බලනකොට SoundCloud App එක Xbox වලට නැතුවම බැරි අංගයක් වෙලාවගේ. ඉතින් ඔයාලත් Xbox පාරිභෝගිකයෙක් නම් අදම මේ SoundCloud App එක try කරලා බලන්න. ඔයාලට මේ App එක Xbox Store එක හරහා free download කරගන්න පුළුවන්.

Source: https://news.xbox.com/2017/05/31/soundcloud-app-xbox-one/

Comments

comments

NO COMMENTS

Leave a Reply to SoundCloud App එක දැන් Xbox වලටත් - Kolomthota Cancel reply