USA හා UK වල Surface 3 සේල්..!

USA හා UK වල Surface 3 සේල්..!

2022
0
SHARE

ඇමෙරිකාවේ හෝ එන්ගලන්තයේ ඉන්න අයට නම් මේ කියන්න යන දේ ශුභ ආරන්චියක්. ඒත් ඉතින් ගොඩක් දවසකට නෙමේ. ඔයාලාගේ නෑදෑ හිත මිත්‍රයෝ හරි මේ රට වල ඉන්නවා නම් Microsoft ලා ගෙ Surface 3 Device එකක් මිල අඩුවට ගන්න පුළුවන්. කොටින් ම කිව්වොත් Surface 3 සේල් එකක්

මේ වෙද්දී ඔයා ඉන්නෙ UK වල නම්, එහෙම නැත්තන් ඔයාගේ කවුරු හරි UK වල ඉන්නවා නම් ඒ අයට පුළුවන් Surface 3 Device එකක් (2GB RAM එකක් හා 64GB Internal Storage එකක් එක්ක) £369කට වගේ මුදලකට ගන්න. හරියටම £50 ක් අඩුවෙන්. ඒ විතරක් නොවේ 128GB Storage + 4GB RAM තියන Surface 3 DEvice එකක් £60 ක් අඩුවෙන්, £439 ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම Office 365 Personal subscription එක අවුරුද්දක් පුරාම නොමිලේ ලැබෙනවා. ජනවාරි 16 වන තෙක් පමණයි මේ සේල් එක UK වල තියෙන්නේ.

ඇමෙරිකාවේ නම්, Microsoft ලා අඩු ම Surface 3 Device එක තවත් $100 ක් අඩුවෙන් තමා මේ කාලයේ විකුණන්නෙ. හරියටම $399 ක් වගේ මුදලකට. නිකම්ම නොවේ, UK වල වගේ Office 365 Personal subscription එක අවුරුද්දක් පුරාම නොමිලේ දෙමින්. ඒත් ඉතින් ඇමෙරිකාවේ නම් මේ දීමනාව වලන්ගු වෙන්න මෙම වසරේ දෙසැම්බර් 31 වන තෙක් පමණයි.

ඉතින් මේ උත්සව කාලයෙ Surface 3 Device එකක් අඩු මුදලකට UK හරි US වලින් මිල දී ගන්න පොඩි අවස්ථාවක් ඔයාලාටත්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY