ඊයේ නිකුත් වුන Microsoft සමාඟමේ පළමු Laptop පරිගනකය Surface Book, හැම අතින්ම ඉදිරියෙන්. මෙහි Screen එක සම්පූර්ණයෙන් වෙන්කර (Detachable) Tablet එකක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. Screen එක අවශ්‍ය ආකාරයට පසුපසට කර keyboard එක අධාරකයක් කරගෙන පහසුවෙන් තමන්ගෙ කටයුතු කරගෙන යන්නත් මෙය උදව් වෙනවා.Display එක අඟල් 13.5 ක් සහ පික්සෙල් ඝනත්වය 267ppi වේ MacBook Pro එකේනම් මෙය අඟල් 13.5′ සහ පික්සෙල් ඝනත්වය 227 ppi වනවා.
හැමෝම මෙය MacBook Pro එකට සමානයි කිව්වත්, මුළුමනින්ම වෙනස් මෙහි ඇත්ත වශයෙන්ම සමානකම් පවතින්නේ නමෙහි ය. මෙහි පෙනුම ඉතා ආකර්ශණීය ලෙස සැකසිලා ඇත්තේ Display එකෙහි ප්‍රකාශමය (Optical) ලෙස ආවරණය වූ වීදුරුව සහ මැග්නීසියම් ලෝහයෙන් සැදුම් ලත් සිල්වර් බඳ නිසයි. නමුත් මෙහි වඩාත්ම කැපී පෙනෙන අංගය නම් Surface Bookහි “hinge”(සරනේරුව) එකයි. Dynamic Fulcrum Hinge යනු එයට Microsoft සමාගමෙන් දී ඇති නමයි.මේ නිසා පැත්තෙන් බලන විට ඉතා නම්‍යශීලි පෙනුමක් ද වසා ඇති විට තරමක කුඩා පරතරයක් නිසා අමුතු පෙනුමක් මෙයට ලැබී ඇත. Tab එකක් ලෙස භාවිතයට ගන්නා විට පසකින් ඇති Button එක එබීමෙන් disply එක වෙන්කර ගත හැකිය.
Microsoft සමාගම පවසන පරිදි Surface Book එකට විශාල display එකක් සහ හොද typing experience එකක් ගන්න කැමති අයගෙන් වැඩි ඉල්ලුමක් පවති.මෙහි ඇති Backlit keyboard එක නිසා අදුරේදී පවා Type කිරීම ඉතා පහසුයි. 1.6mm ක් තරම් කුඩා උසක් සහිත Keys ශබ්ද නොනැගෙන ලෙස type කල හැකි යතුරු පුවරුවකි.
මේ සියල්ලටම වඩා සිත් ඇදගන්නා තවත් කරුණක් නම් මෙහි පස් තැනකින් touch කල හැකි සංවේදනයන් තිබීමයි (5 point touch). තවද, Microsoft හි Surface Pen Stylus එකටත් ඉතා හොදින් ප්‍රතිචාර දක්වයි.
මෙය Windows 10 Pro සමඟ පැමිනෙන අතර මෙම Surface Book එක අනෙක් tablet සමග සසඳන විට ඉතා බලවත්. ඉතින් Laptop පරිගනකයක් ලෙස පරිවර්තනය කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙය පණගැන්වෙන්නේ Intel Skylake, 6th gen Core i5 හෝ i7 Processor එකක් හා Nvidia GeForce GPU ක් සමඟ 8 GB හෝ 16 GB RAM එකකිනි. Dock එකෙහි full-size USB 3.0 Ports 2 ක්,Surface Connect, Headset jack, Mini DisplayPort සහ SD card slot එකක් පවතිනවා.මෙහි බර ග්‍රෑම් 1576g පමණවේ.
සම්පූර්ණයෙන් මේ Surface Book පරිගනකය නොනවත්වා පැය 12ක් ක්‍රියා කරනවා. Microsoft සමාගමෙන් දැන් කියන්නේ මේ Surface Book පරිගනකයේ වේගය පරද්දවන්න මෙවැනි කිසිවක් මුළු විශ්වයේවත් නොපවතින බවයි. මෙය ඔක්තෝබර් මස 26 වැනි දින සිට නිකුත් කිරීමට නියමිත අතර වටිනාකම මුදලින් ඇ.ඩො. $1,499.00 සිට ආරම්භ වනු ඇති. පෙර ඇණවුම් අද සිට භාරගන්නා අතර පහත Link එකෙන් ඔබට දැන්ම Pre-order කල හැකිය.
https://www.microsoft.com/surface/en-us/devices/surface-book
තවත් ඡායාරූප මෙම ලිපියේ පහලින්.
Surface Book Specs
Display | 13.5-inch Pixel Sense display Contras Ratio: 1800:1 |
Display Resolution | 3000 x 2000 at 267ppi Aspect Ratio: 3:2 |
Software | Windows 10 Pro |
Processor | 6th Gen Intel Core i5 or i7 |
Storage | 128GB, 256GB, 512GB Solid State Drive (SSD) |
Memory | 8GB or 16GB RAM |
Graphics | i5: Intel HD graphics (non-GPU), i5/i7: NVIDIA GeForce graphics (GPU) |
Rear Camera | 8MP with autofocus, 1080P recording |
Front Camera | 5MP Full HD (1920 x 1080) Windows Hello face-authentication |
Speakers | Front-facing stereo speakers with Dolby audio |
Ports | Two full-size USB 3.0, Full-size SD card reader, Surface Connect, Headset jack, Mini DisplayPort |
Sensors | Sensors, Ambient light sensor, Accelerometer, Gyroscope, Magnetometer |
Security | TPM chip for enterprise security |
Battery Life | 12 hours of use |
Pen | Surface Pen 1,024 levels of pressure sensitivity Magnetic storage |
Power Supply | 36W power supply with USB chargin port 65W power supply with USB charging power (discrete GPU SKU) |
Weight | 1.6lbs |
Dimensions | Laptop: 9.14 x 12.30 x 0.51- 0.90 in ( 232.1 x 312.3 x 13 -22.8 mm) Clipboard: 8.67 x 12.30 x 0.30 in (220.2 x 312.3 x 7.7 mm) |
[…] Surface Book එක MacBook Pro එකට වඩා 2x වේගවත් Microsoft සමාඟම … […]