2016 Imagine Cup ජයග්‍රාහක Team ENTy කණ්ඩායමට Microsoft CEO Satya Nadella සමඟ...

2016 Imagine Cup ජයග්‍රාහක Team ENTy කණ්ඩායමට Microsoft CEO Satya Nadella සමඟ සුහද හමුවකට අවස්ථාවක්

1943
0
SHARE

මෙවර 2016 Microsoft Imagine Cup හි Innovation කාණ්ඩයේ ලෝක ශුරයින් වුනේ රොමේනියාවේ Team ENTy. Flavia Oprea, Iulian-Razvan Matesica හා Cristian Alexandrescu තමයි මේ කණ්ඩායමේ සාමාජිකයින් වුනේ. ඉතින් මේ කණ්ඩායමට අවස්ථාවක් ලැබුණා Microsoft සමාගමේ CEO වන Satya Nadella සමඟ සුහද කතා බහක යෙදෙන්න. මේ අවස්ථාව Team ENTy ලාට නම් යම් තිගැස්මක් ගෙන දුන්න අවස්ථාවක් වූ බවට කිසිම සැකයක් නෑ. එත් Satya Nadella නම් මේ අවස්ථාවට බොහොම පහසුවෙන් මුහුණ දුන්නු බවක් දකින්න ලැබුණා.

Flavia ගේ අදහස නම් Satya සමඟ හමුව හිතුවේ නැති ආකාරයේ එකක් වුණා කියලා. මොකද Satya Nadella මේ හමුවේදී හැසිරුනේ ඔවුන්ව වසර ගණනාවක සිට දන්නා හඳුනන ආකාරයටයි.

මේ හමුවට යන්න කලින් Team ENTy කණ්ඩායම ප්‍රශ්නාවලියක් සකස් කරගත්තා Satya Nadella ට ඉදිරිපත් කිරීමට. මේකට අඩංගු වුනේ ඔවුන්ගේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය වන යම් යම් කාරණා. ඔවුන්ගේ නිර්මාණය වුනේ සමබරතාවය හා පිහිටීම අධික්ෂණය කරන සෞඛය ක්ශේත්‍රයේ භාවිතයට යොදා ගත හැකි උපකරණයක්.

ඔවුන්ගේ පළමු ප්‍රශ්නය වුනේ ” ඔබ Team ENTy හි සම -කතෘ වුණා නම් මොනවද කරන්නේ?”
Satya Nadella ගේ පිළිතුර ඔවුන්ව පුදුමයට පත්කලා පමණක් නෙවෙයි ඒ පිළිතුර යොවුන් ව්‍යවසායකයින්ට ආදර්ශයට ගත හැකි පිළිතුරක් වුණා.

ඔහු පැවසුවේ ඔහු Team ENTy සාමාජිකයෙක් වුණා නම් උපකරණය තව දුරටත් කුඩා කිරීමට උත්සහ කරන බවයි. ඒ වගේම අවශ්‍ය patent සහතික කිරීම් ලබා ගැනීමටත් අවශ්‍ය ආයෝජකයින් සොයාගැනීමටත් කටයුතු කරන බව පැවසුවා.

මේ හමුව තුලදී Nadella ගෙන් ලැබුණු උපදෙස් අතර ඔවුන් තමන්ගේ නිෂ්පාදනය උදෙසා තරග කලයුතු බව සඳහන් වුණා. කාලය කියන්නේ අරම්භකයෙකුට වැදගත් සාදකයක් වන නිසා නිෂ්පාදනය වෙළඳපොල තුල දියත් කිරීමට ඉක්මන් වෙන්න අවශ්‍ය බවත් ඔහු පැවසුවා.

ENTy මේ වන විටත් තමන්ගේ නිෂ්පාදනය සාර්ථක කර ගැනීමට කටයුතු කර තිබෙනවා.  Flaviya පවසන ආකාරයට ඔවුන් ඔවුන්ගේ උපකරණය පුංචි කාසියක ප්‍රමානය දක්වා කුඩා කර තිබෙනවා. ඒ වගේම එය මේ වනවිටත් රොමේනියාවේ රෝහල් තුල පරීක්ෂණ මට්ටමෙන් භාවිතා වෙනවා. ඔවුන් යුරෝපයේ සෞඛය ක්ෂේත්‍රයේ  එය භාවිතා කිරීමට අවශ්‍ය සහතික මේ වන විටත් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව Flavia පැවසුවා. Imagine Cup එක තුලින් ඔවුන් ලැබූ වැදගත්ම අත්දැකීම වුයේ තරගය පිටුපස සිටින ක්ෂේත්‍රයේ  වැදගත් පුද්ගලයින් ඇසුරු කිරීමට ලැබීම බව ඔවුන්ගේ අදහසයි. CEO Satya ගේ සිට ඔවුන්ගේ උපදේශක Joe Wilson ඇතුළු සියලුම දෙනාව ඔවුන් මේ අවස්ථාවේ මතක් කරනු ලැබුවා.

ඒවගේම ඔවුන් ලැබූ අත්දැකීම් තුලින් සමාජයටත් ආදර්ශයට ගත හැකි යමක් පැවසුවා.
ඒ තමයි තමන් කරන දේ මොන වගේ දෙයක් උනත් ඒ දේ කිසිම හේතුවක් නිසා අත්හරින්න එපා. සමහරවිට එය අලුත් සමාගමක්, ව්‍යාපෘතියක් , සින්දුවක් හෝ ඕනිම දෙයක් වෙන්න පුළුවන්.  අපි කිසිම දිනක හිතුවේ නෑ අපි Imagine Cup එක ජයග්‍රහණය කරාවි කියලා. අපේ බලපොරොත්තුව වුනේ Team ENTy සමඟ ඉදිරියට යන එක හා අලුත් පිරිසක් හමුවන එක.

Imagine Cup අනාගත තරඟ කරුවන්ට අධිෂ්ඨානයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා. ජයග්‍රහණය කරනවාට වඩා සාර්ථක යමක් නිර්මාණය කිරීම ඉලක්කය විය යුතු බව ඔවුන් පැවසුවා. ඔවුන් බලාපොරොත්තු වුනු ආකාරයෙන්ම වෛද්‍යවරු හා රෝගීන්ට සහය විය හැකි යමක් නිපදවීමට ඔවුන්ට හැකිවූ බව ඔවුන් පැවසුවා.

ඔබත් ලෝකය යන මඟ වෙනස් කිරීමට උත්සහ දරන සිසුවෙක් නම් මේ වසරේ Imagine Cup තරගාවලියට සහභාගී වන්න. මෙවර සුවිශේෂත්වය නම් Imagine Cup හි පහළොස් වන සංවත්සරය යෙදී තිබීමයි.
ඔබටත් Team ENTy ලාට වගේම අමතක නොවන අත්දැකීමක් ලබා ගන්නට වගේම $100,000 දිනා ගන්නත් අවස්ථාවක් තිබෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY