Tesla CyberTruck ගැන කෙටියෙන්ම

Tesla CyberTruck ගැන කෙටියෙන්ම

2837
0
SHARE

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන අලුත්ම electric pickup truck එක තමයි Tesla විසින් ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද truck එක , Cybertruck ලෙසින් හඳුන්වන මෙහි  විශේෂිත දේවල් බොහොමයක් තිබුනත් ඒ අතරිනුත් වැඩිපුරම කතාබහට ලක්වුනේ  කිසිම සිත්ගන්නා සුළු බවක් නැති පෙනුමයි. ශක්තිසම්පන්න බව සඳහාම නිෂ්පාදිත මෙය වර්ග 3කින් ඉදිරිපත් කර ඇත .

1) Single motor rear-wheel මගින් සැතපුම් 250 ක පරාසයක්  ධාවනය, රාත්තල් 7,500ක බර ඇදීමේ හැකියාව , 0–60 mph දක්වා තත්පර 6.5කින් වේගවත් කිරීමේ හැකියාව සහිත  Cybertruck එකක් $39,900 ක වටිනාකමට ලබාගත හැකියි.

2) Dual motor all-wheel  මගින් සැතපුම් 300 ක පරාසයක්  ධාවනය ,රාත්තල් 10,000ක බර ඇදීමේ හැකියාව ,  0–60 mph දක්වා තත්පර 4.5කින් වේගවත් කිරීමේ හැකියාව සහිත  Cybertruck එකක් $49,900 ක වටිනාකමට ලබාගත හැකියි.

3) Triple motor all-wheel  මගින් සැතපුම් 500 ක පරාසයක්  ධාවනය ,රාත්තල් 14,000ක බර ඇදීමේ හැකියාව ,  0–60 mph දක්වා තත්පර 2.9කින් වේගවත් කිරීමේ හැකියාව සහිත  Cybertruck එකක් $69,900 ක වටිනාකමට ලබාගත හැකියි. නමුත් මෙම  වර්ගය 2022 වනතුරු ලබාගැනීමට නොහැකියි.

ලොස් ඇන්ජලීස් වලදී පැවැත්වූ Cybertruck එක හඳුන්වාදීමේදී Tesla හි Designing අංශයේ ප්‍රධානියා වන Franz von Holzhausen කුළුගෙඩි පහරවල් කීපයක් එල්ල කර ultra-hard 30X cold-rolled stainless steel  වලින් නිෂ්පාදිත මෙහි බඳේ ශක්තිමත් බව පේනවා දුන්නත්  වෙඩි නොවදින වීදුරු වල ශක්තිමත් බව පෙන්වීමට එල්ල කල යකඩ බෝල පහරින් නම් වීදුරු බිඳීමට ලක්වුණා. නමුත් එය  වැඩිදියුණු කරන බව Tesla හි ප්‍රධානි Elon Musk විසින් ප්‍රකාශ කලා.  මෙහි රාත්තල් 3500ක ධාරිතාවක් පැටවීමට හැකි අතරම cubic feet 100ක ගබඩා ඉඩක්ද සහිතයි. ඒ වගේම අඟල් 17ක touch screen එකක් dashboard එක මැද සවිකොට තිබෙනවා.


2012 වසරේ ට්වීටර් පණිවිඩයක් මගින් Tesla supertruck එකක් නිෂ්පාදනය කිරීමට තමන්ට අදහසක් පැමිණි බව පවසන Tesla හි ප්‍රධානි Elon Musk 2013 වසරේ Business Insider වෙත පවසන්නේ තම සමාගම එය නිෂ්පාදනය කිරීමට සුදානම් බවයි. ඔහු විසින් Tesla හි දෙවන master plan එකේදී supertruck එකේ features පිළිබඳ අදහස් දක්වන අතර 2020 වන විටදී release කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහි පෙනුම කෙසේ වෙතත් සවි ශක්තිය නිසාවෙන් දැනටමත් pre-orders 200,000 ක ප්‍රමාණයක් ලැබී ඇති බව Elon Musk විසින් ට්වීටර් හි  සඳහන් කර තිබෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY