UBER සඳහා Windows 10 Universal ඇප් එක නිකුත් කරයි

UBER සඳහා Windows 10 Universal ඇප් එක නිකුත් කරයි

2287
1
SHARE

ලෝක ප්‍රකට ටැක්සි සේවාවක් වන UBER ඇප් එක Windows Plaform එක සඳහා ප්‍රථමව නිකුත් වූයේ Windows Phone 8.1 සඳහා ය. මාස 18කට ආසන්න ප්‍රමාණයක් UBER App එක Windows Phone භාවිතා කරන්නන් අතර ඉතා ප්‍රසිධියට පත්විය. අද දින UBER App එක Windows 10 සහ Windows 10 Mobile භාවිතාකරන්නන් සඳහාද භාවිතා කිරීමට UBER සමාඟම විසින් නිකුත් කර ඇති අතර මෙය Universal Windows App එකකි. Windows 10 භාවිතාකරන ඔබට ටැක්සි එකක් ඇනවුම් කිරීමෙන් අනතුරුව ටැක්සිය ඔබ වෙත එනතුරු වේලාව Live Tile එක මත පෙන්නුම් කරනු ඇත. කෙසේ නමුත් ඔබ Tablet එකක් හෝ Laptop එකක් භාවිතාකර UBER ටැක්සියක් ඇනවුම් කළද ගමන සම්පූර්ණකිරීමට ඔබගේ Smart දුරකතනය භාවිතා කිරීමට සිදුවේ.

තවද මෙසඳහා Cortana සම්බන්ද කර පැමිනෙන අතර Cortana භාවිතා කර ඔබට ඇනවුම් සිදුකල හැකි අතර ඔබගේ ගමන් බිමන් සඳහා අදාල Suggestions , Cortana විසින් ලබාදෙනු ඇත.

ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන අයෙක් නම් UBER විසින් Windows 10 App එක සඳහ මේ දිනවල විශේෂ නොමිලේ සේවාවක් සපයයි. ඔබගේ Windows 10 ඇප් එක භාවිතයෙන් “MSFTWIN10” යන Promo Code එක යෙදීමෙන් මෙම නොමිලයේ සේවාව ඔබටද අත්විදිය හැකිය.

Windows 10 සඳහා Uber Taxi ඇප් එක මෙතැනින් Download කරගන්න

Comments

comments

1 COMMENT

LEAVE A REPLY