Ubuntu ගන්න පුලුවන්ද Windows Store එකෙන්?

Ubuntu ගන්න පුලුවන්ද Windows Store එකෙන්?

2491
0
SHARE

Ubuntu කියලා කියන්නේ 2004 ඔක්තෝම්බර් මාසේ 20 වෙනිදා නිකුත් කෙරුණු open source OS එකක්. මෙයා අයිති Linux OS පවුලට. Ubuntu හා Windows ගත්තම සම්පුර්ණ වෙනස් විදියට තමන්ගේ වැඩ කටයුතු කරන දෙන්නෙක්. අපි හැමෝම දන්නා විදිහට Ubuntu මුදල් ගෙවීමෙන් තොරයි. Windows කට්ටිය තමන්ගේ Windows Store එක මගින් තමන්ගේ නිෂ්පාදනයන් වෙළදපොලට යොමු කරනවා. Ubuntu විසින් මෑතකදී කරන ලද ප්‍රධාන වෙනස්කමක් විදියට ඔවුන් Microsoft ආයතනය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. මෙහි ප්‍රධානම කරුණ තමයි Ubuntu, Windows Store වෙත එන්නේ Windows 10 සමග එන application එකක් විදිහට. මේ නිසා dual boot කිරීමකින් තොරවම ඔබට Linux හා windows run කිරීමේ හැකියාව පවතිනවා.

මේ කතාව මුලින්ම පටන් ගත්තේ ගිය අවුරුද්දේ පැවැත්වුණු Build Conference එකේදී Microsoft අය Linux Binaries, Bash Shell පාවිච්චි කරලා Windows 10 වල වැඩ කරන්න කටයුතු කිරීමෙන්. ඒක මේ අවුරුද්ද වෙනකොට Windows Store එක තුලට SUSE, Fedora හා Ubuntu ඇතුල් කිරීමක් දක්වාම වැඩිවෙලා තිබෙනවා. තවදුරටත් කියනවානම් ඔබට මතක ඇති Microsoft අය 2017 අප්‍රේල් මාසේ ඉදිරිපත් කරපු Creators Update එක. මේ update එකට පස්සේ එන අලුත්ම update එක තමයි Fall Creators Update කියලා කියන්නේ. මෙන්න මේ update එක 2017 සැප්තැම්බර් වෙනකොට නිකුත් කරන්නයි Microsoft ආයතනය හිතාගෙන ඉන්නේ.  මේ update එක මගින් usersලාට ඉඩ ලබාදෙනවා ඔවුන්ගේ devices වලට Fedora, Ubuntu හා SUSE applications විදිහට පාවිච්චි කරන්න. ඔබ අද පුදුම වන්නට ඇති Ubuntu, Windows Store එක තුල පවතිනවා දුටු විට. නමුත් නුදුරේදීම Fedora හා SUSE ද Windows Store එක මත දකින්නට ලැබෙනවා නොඅනුමානයි. ඔබට Ubuntu download කරගැනීමට අවශ්‍යයි නම් මෙම link එක click කරන්න.

Source: https://www.neowin.net/news/ubuntu-is-now-available-on-the-windows-store

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY