Up In Flames සමඟ එක්වී ඔබේ සතුරන්වත් Crispy Critters බවට හරවන්න

Up In Flames සමඟ එක්වී ඔබේ සතුරන්වත් Crispy Critters බවට හරවන්න

2210
1
SHARE

Up In Flames කියලා කියන්නේ windows 10 වලට සහය දක්වන පරිගණක ක්‍රීඩාවක්.
Baff කියන තරුණ මකරා ගේ චරිතය හසුරවලා සතුරන් එක්ක සටන් කරන්නත් ඔයාලගේ යාලුවන්ව සතුරන්ගෙන් ගලවගන්නත් Up In Flames ක්‍රීඩා කරන ඔබට හැකියාව ලැබෙනවා.

ඉතින් මේ Up In Flames ගැන කතා කලොත් මේකේ ඉතා හොඳ මට්ටමේ Graphics දැක ගන්න පුළුවන්.
ඔයා Angry birds ක්‍රීඩා කරලා තියෙන කෙනෙක් නම් මේ Up In Flames තුලත් Angry bird feeling එකම දැනෙන බව විශ්වාසයි.
Angry Bird වලට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ සතුරන් හා ඔවුන්ගේ බලකොටු විනාශ කිරීම සඳහා Baff ගේ කටින් පිටවෙන ගින්දර භාවිතා කිරීම.

Up In Flames කියන්නේ නම් ඔයාලට වැඩිපුර බුද්ධිය මෙහෙයවන්න අවශ්‍ය නොවන ක්‍රීඩාවක්. ඒ නිසා මේ Up In Flames මගින් ඔයාලට රිසි ලෙස විනෝද වීමේ හැකියාව ලැබෙනවා.
ඒ කොහොම උනත් Baff ගෙන් පහරක් නිකුත් කිරීමට පෙර කුඩා හෝ සැලැස්මක් තිබුනොත් සතුරන් පරාජය කිරීම පහසුවෙනවා.

Up-In-Flames-Stages

Up In Flames වලට ඇතුල් වෙන අවස්ථාවේ මුලින්ම දකින්න ලැබෙන්නේ ඉතා සරල ප්‍රධාන මෙනුවක්. මේ මෙනුව තුලින් ක්‍රීඩාවේ Settings,Costume Store හා ක්‍රීඩා කිරීමට පිවිසීමේ අවස්ථාව ලබාදෙනවා.
settings කියන අංගය සැලකුවොත් මේකෙන් ක්‍රීඩාවේ sounds/music වෙනස් කරන්නත් ක්‍රීඩාව reset කරන්නත් හැකියාව ලැබෙනවා.
නමුත් මේ සකස් කරනු ලබන sound/music settings නම් Up In Flames වලින් ඉවත් වෙන අවස්ථාවේ මැකී යන නිසා නැවත නැවතත් ඒවා සකස් කිරීමේ අවශ්‍යතාව පැන නගිනවා.
මේ නිසාම Up In Flames තුලට පිවිසෙන සෑම අවස්ථාවකම catching jingle නාදය මගින් ඔබව පිළිගැනීම සිදුවෙනවා.

Up In Flames ක්‍රීඩා කරන ඔබට world තුනක් යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර හතරවන මට්ටම තවමත් සංවර්ධන මට්ටමේ පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ එක මට්ටමක් තුල levels 25ක් දකින්නට හැකියාව ලැබෙනවා.
මෙහිදී එක් level එකක් සම්පුර්ණ කිරීමෙන් පසු මීලඟ level එකට ඇතලත් වීම කල හැකි අතර ක්‍රමයෙන් ඉදිරියට යනවිට level වල සංකීර්ණ තාවය වැඩි වෙනවා.
ආරම්භයේදී Up In Flames තුල ක්‍රීඩාවේ අංග භාවිතා කරන අකාරය ඔබට හදුන්වාදෙන කවුළුවක් දැකිය හැකිවෙනවා. මේ අකාරයේ කවුළු අලුත් අංගයක් ඔබට හමුවන හැම අවස්ථාවකම ඔබට දැකිය හැකි වනවා.

Up In Flames වල කවුළුව තුල එක් පසෙක Baff මකරා දැකිය හැකි අතර අනෙක් පස baff ගේ මිතුරන් සිර කර සිටිනු දකින්නට ලැබෙනවා.
මේ සිරකරගත් මිතුරු මකරන්ව ආරක්ෂා කිරීමට විවිධ බාධක මෙන්ම නපුරු වෘකයන් , මෝරුන් , ගොරිල්ලන් යොදා තිබෙනවා. ඇතැම් අවස්ථා වලදී නපුරු හිමමිනිසුන්ද දකින්නට පුළුවන්.

Up In Flames ක්‍රීඩා කිරීමට ඔබ Baff ව touch කරලා ඉලක්කය ගන්නා ලෙස drag කිරීම කල යුතුයි. මේ drag කරන ආකාරය අනුව ඔබේ පහරේ ඉලක්කය , වේගය සහ ශක්තිය තීරණය වෙනවා.

Up-In-Flames-Tutorial
මේ සියල්ල නිසි ලෙස සකස් කිරීමෙන් පසු baff ව නිදහස් කිරීම කරන්න පුළුවන්. මේ නිදහස් කිරීමේදී baff ගිනි බෝලයක් ඉලක්කය වෙත මුදාහරිනවා.
මේ ගිනි බෝලය සතුරන්ගේ ගැටුණු විට ඔවුන්ට ගින්නෙන් හානිවනවා.
මේ සතුරන් ඉන්න පස විවිධාකාර ගල් සහ ලෝහමය සැකිලි දැකිය හැකිවෙනවා. මේවා ගින්නෙන් හානි නොවන සැකිලි බව දැක ගන්න පුළුවන්.
ඒ වගේම ඔබේ පහරක හානිය වැඩිකරන ආකාරයේ දඟර ආදියත් මෙහි දැකිය හැකියි.
සතුරන්ගේ බලකොටුවල හිරවෙලා ඉන්න මිතුරන් නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ ගිනි බෝලයෙන් හිරකූඩු ගිනිබත් කිරීමෙනුයි. මේ විදිහට නිදහස්වන මිතුරනුත් සතුරන්ව විනාශ කරන්න සහය දෙනවා.
Baff සතු වන්නේ සිමිත ගිනි පහර සංඛ්‍යායාවක් නිසා ඔබට එම පහරවල් අරපිරිමැස්මෙන් හසුරවන්න සිදුවෙනවා.

Up-In-Flames-Aim

මේ විදිහට level එකෙන් level එකට යනවිට බෝනස් විදිහට විවිධ ඇඳුම් baff ට ලැබෙනවා. මේවායින් cowboy කෙනෙක් rock star කෙනෙක් විදිහට හැඩගැසීමට baff ට පුළුවන්.
Up In Flames කියන්නේ windows 10 දුරකථන සඳහා උචිත වන්නක් වන අතර එය සහය දක්වන්නේ windows 10 pc සඳහා පමණයි.

windows 10 භාවිත කරන ඔබට නම් කාලය ගතකරන්න නියමක්‍රමයක් තමයි Up In Flames කියන්නේ.
ඔබත් අදම Up In Flames සමඟ එක්වී ඔබේ කාලය සතුටෙන් ගත කරන්න.

Windows 10 PC සඳහා Download කරගන්න

මූලාශ්‍රය windowscentral.com

Comments

comments